පාසල්වල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

පාසල්වල ආරක්ෂව සම්බන්ධයෙන් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක දීයි.

 ඒ අනුව පාසල් පරික්ෂා කර දෙන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කර ඇති බවත් සියලු පාසල් ආරක්ෂා සහිතව ආරම්භ කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියා

පසුගිය 21 දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පාසල් වාරය ආරම්භ කිරීම තාවකාලීකව නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබූ අතර මැයි 06 දින යළි පාසල් ආරම්භ කිරීමට තීරණය කර තිඛෙනවා.. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පාසල් අසළ කිසිදු වාහනයක් නැවැත්වීමෙන් වළකින ලෙස මහජනතාවට දැනුම්දෙන බවයි.