එංගලන්තයේ එම්.සී.සී. ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නව සභාපති සංගක්කාර

ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වන කුමාර් සංගක්කාර එංගලන්තයේ එම්.සී.සී. ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිඛෙනවා.
පසුගියදා ලෝඩ්ස්හිදී පැවති එම්.සී.සී. වාර්ෂික මහ සභා රැස්වීමේදී සංගක්කාර නව සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර  එම ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයට පත් පළමු විදෙස් ජාතිකයා ලෙසද සංගක්කාර වාර්තා ‍පොතට එක්වෙයි.
එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති ඇන්තනි වේෆෝර්ඩ් මහතා මහ සභා රැස්වීමේදී සංගක්කාරගේ නම යෝජනා කර ඇති අතර එයට ඒකමතික අනුමැතිය හිමිවී තිබුණා.
නව පත්වීම පිළිබඳව අදහස් දක්වා ඇති සංගක්කාර පවසන්නේ මෙම තනතුර තමාට පැබුණු ඉශළ ගෞරවයක් ලෙස සලකන බවයි.
“එම්.සී.සී. කියන්නේ ලෝකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩා සමාජය. මෙම තනතුර ලැබිම විශාල ගෞරවයක්. 2020 ක්‍රිකට් වලට වැදගත් වසරක්. ඒ සඳහා සේවය කරන්න ලැබිම සතුටක්. “-  සංගක්කාර.
2011 වසරේදී එම්.සී.සී. කොලින් කවුඩ්රි දේශනය සඳහා ඇරියුම් ලැබූ සංගක්කාර එහිදී කළ කතාවට ක්‍රිකට් ලෝවේම ගෞරවාදරය හිමිවුණා.එම දේශනයෙන් පසු සංගක්කාරට 2012 දී එම්.සී.සී. යාවජීව ගෞරවනීය සාමාජිකත්වයද ලබාදීමටයි පියවර ගැනුනේ.
සංගක්කාරගේ නම දෙවරක් ලෝඩ්ස් නාම පුවරුවේ සටහන්ව ඇති අතර 2104 ලෝඩ්ස් ටෙස්ට් තරගයේදී ලකුණු 147 ක් ලබා පළමු වරටත් එම තරගාවලියේදීම එක්දින තරගයේදී ලකුණු 112 ක් ලබා දෙවැනි වරටත් ඔහු සිය නම සටහන් කර ගත්තා.
සංගක්කාර 2019 ඔක්තෝබර් 1 දා සිට සිය තනතුරේ වසරක කාලයක් වෙනුවෙන් වැඩ භාරගැනීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න