තායිලන්තයේ නව රජුට කිරුළ පළදවයි

තායිලන්තයේ නව රජු වන මහා වජිරලොන්කෝන් හට නිල වශයෙන් ඔටුන්න පළදා තිඛෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ අද පෙරවරුවේ එය චාරිත්‍රානුකූලව සිදුවූ බවයි.
තායිලන්තයේ නව රජු 66 වන වියේ පසුවන අතර ඔහු රජකමට පත්වූයේ වසර 70ක් රජකම දැරූ සිය පියාගේ අභාවයෙන් වසර 2කට පසුවයි.
මෙසේ ඔටුනු පැළදවීමේ උත්සවය බෞද්ධ හා හින්දු ආගමික චාරිත්‍ර අනුව සිදුකර ඇති අතර එහිදී පළදවන ලද සාම්ප්‍රදායික ඔටුන්න කිලෝ 7.3 ක බරකින් යුක්තයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න