අමෙරිකාව ගැහුවොත් ගහන්න / වෙනිසියුලා ජනපතිගෙන් හමුදාවට නියෝග – Lanka A News

අමෙරිකාව ගැහුවොත් ගහන්න / වෙනිසියුලා ජනපතිගෙන් හමුදාවට නියෝග

අමෙරිකාවෙන් හදිසි ප්‍රහාරයක් එල්ලවිය හැකි බැවින් ප්‍රතිප්‍රහාර දැක්වීමට සූදානමින් සිටින්නැයි වෙනිසියුලා ජනපති නිකලොස් මධුරෝ එරට හමුදාවට නියෝග කර තිඛෙනවා.
ඒ අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් වෙනිසියුලාවේ මතුව ඇති නොසන්සුන් තත්ත්වයට මැදිහත්වීමට සූදානමින් සිටින බවට සිදුකළ ප්‍රකාශයෙන් පසුවයි.
මේ වන විට වෙනිසියුලා ජනපතිට එරෙහිව හමුදා කැරැල්ලක් ක්‍රියාත්මක වන අතර හමුදාවේ බහුතරයක් ජනාධිපතිවරයාට සහාය දක්වමින් සිටිනවා.
ඒ අනුව හදිසි ප්‍රහාරයකදී දැඩිව ප්‍රතිප්‍රහාර ලබාදීමට සූදානම්වන ලෙසයි මෙම නියෝගයෙන් දන්වා ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න