රුසියාවේ ගුවන් අනතුරකින් 41 ක් මරුට

හදිසි ගොඩබැස්වීමකදී ඇතිවූ ගින්නක් හේතුවෙන් Aeroflot නැමති රුසියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක සිටි මගීන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.
ඊයේ පස්වරුවේ මොස්කව් ගුවන් තොටුපොළට මෙම ගුවන් යානය හදිසියේ ගොඩබැස්වූ අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව තිබුණේ.
ගුවන් යානයේ මගීන් 78 ක් සිට ඇති අතර ගින්නෙන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු කර තිඛෙනවා.
ඒ අතරට කුඩා දරුවන්ද ඇතුලත්.
මෙම ගුවන් යානය නවතම එකක් වන අතර ගුවන්ගත කර විනාඩි 45කින් පසුවයි අනතුර සිදුව තිබුණේ.

1630

ආසාදිතයන්

801

සුවය ලැබූ

819

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :