බ්‍රිතාන්‍ය රජ පවුලට අමුත්තෙක් එක්වෙයි

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපදිවරිය වන මේගන් කුමරිය බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ (06/05) අලුයම 5.26 ට පිරිමි දරුවෙකු හට උපත ලබා දී තිඛෙනවා.

කිලෝග්රෑම් 3.2 ක් බරැති මෙම රාජකීය බිළිදා හට තවමත් නමක් තබා නොමැති අතර බිළිඳා සහ මව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව හැරී කුමරු හා මේගන් කුමරියට දාව අලුත උපන් මෙම බිළිඳා බ්‍රිතාන්‍ය රැජිණගේ 3 වන මී මුණුබුරා වනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න