ශ්‍රි කුරුස දේවස්ථානයට පැමිණි පලා ගිය තරුණයන් පොලිසියට භාරවෙයි

වතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස සැලකෙන හැටන්  ශ්‍රි කුරුස දේවස්ථානයට පැමිණ පලා ගිය බවට චෝදනා ලැබ සොයමින් සිටි මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනා හා තවත් තරුණයින් පිරිසක් ඥාතින් සමග පැමිණ හැටන් පොලිසියට භාරවී තිඛෙනවා.

අප්‍රේල් 07 වන දින මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකු හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට ගොස් එම දේවස්ථානය නැරඹිමට අවශ්‍යය බවත්, එම දේවස්ථානයේ පියතුමන් සිටිනවාද යන්න එම දේවස්ථානයේ සිටි පුද්ගලයකුගෙන් විමසන ආකාරය සීසී ටීවී දර්ශනවල පටිගතව තිබුණා.

එම අවස්ථාවේ දේවස්ථානයේ දේව මෙහෙය ආරම්භ වීමේ සිනුව නාද කිරිමත් සමග එම තරුණයන් දෙදෙනා පලා ගොස්තිබූ අතර ඔවුන් පිළිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවයි.

කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයන් ආගමික යාඥාවන් සදහා තරුණයන් යොමු කරන ප්‍රධාන මුස්ලිම් පල්ලියක් මගින් හැටන් ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියක් වෙත එවා ඇති බවයි හෙළිව ඇත්තේ.

හැටන් මුස්ලිම් පල්ලියේ යාඥා කටයුතු නියැලි සිටිමෙන් අනතුරුව ප්‍රථම වතාවට හැටන් ප්‍රදේශයට පැමිණි එම තරුණයන් පිරිස හැටන් ප්‍රදේශයේ සුන්දර ස්ථාන කිහිපයක් නරඹා පැරණි ශ්‍රි කුරුස දේවස්ථානය නැරඹිමට ගිය බවද පොලිසියට සදහන් කර තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න