අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට ICC යෙන් දූෂණ චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් වන අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ චෝදනා එල්ල කර තිඛෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T10 ක්‍රිකට් තරගවලියකදී විනය නීති උල්ලංගණය කිරීමයි මීට මූලික වී ඇත්තේ.

ඒ අනුව අවිශ්ක ගුණවර්ධනට සහ හිටපු වේගපන්දු යවන්නෙකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා හට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම කටයුතුවලට සම්බන්ධ වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවා තිඛෙනවා

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිකුත් කළ නිවේදනයට අනුව, නුවන් සොයිසාට එරෙහිව කරුණු 4ක් යටතේ චෝදනා එල්ල කර ඇති අතර අවිශ්ක ගුණවර්ධනට චෝදනා එල්ල වී ඇත්තේ, කරුණු දෙකක් යටතේයි.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින්ට නිදහසට කරුණු දැක්වීමට දින 14ක් ලබාදී තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න