මාලිංගගේ සුපිරි පන්දුවෙන් මුම්බායි පිල IPL දිනයි – Lanka A News

මාලිංගගේ සුපිරි පන්දුවෙන් මුම්බායි පිල IPL දිනයි

2019 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ සිව්වරක් අයි පී එල් ශූරතාවය හිමිකරගත් පළමු කණ්ඩායම බවට පත්වෙමින්.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි පිල පන්දුවාර 20 තුල කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස් කළා.
කයිරන් පොලාඩ් නොදැවී ලකුණු 41 යි.
ක්වින්ටන් ඩි කොක් ලකුණු 29 යි. ඉෂාන් කිෂන් ලකුණු 23 යි.
පන්දු යැවීමේදී දීපක් චහාර් ලකුණු 26 ට කඩුලු 3යි.ෂර්දුල් තාකූර් හා ඉම්රාන් තහීර් කඩුලු 2 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 148 ක් පමණයි.
අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සදහා චෙන්නායි පිලට ලකුණු 9ක් අවශ්‍ය වුවද ලසිත් මාලිංග එම පන්දුවාර තුල ලබාදෙනු ලැබුවේ ලකුණු 7ක් පමණයි.
වසන් පන්දුවේදී චෙන්නායි පිලට ජයග්‍රහණය සදහා ලකුණු 2ක් අවශ්‍ය වූ අතර ෂර්දුල් තාකූර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් මාලිංග මුම්බායි පිලට ජය උරුම කර දුන්නා.
කෙසේ වෙතත් ඊට පෙර පන්දුවාරයේදී මාලිංගට එරෙහිව ලකුණු 20ක් ලබා ගැනීමටයි චෙන්නායි පිතිකරුවන් සමත්වුණේ.
පන්දු යැවීමේදී ජස්ප්‍රිත් බුම්රා කඩුලු 2යි.ලසිත් මාලිංග ලකුණු 49ට එක් කඩුල්ලයි.

ඒ අනුව මෙවර තරගාවලියේදී චෙන්නායි පිලට එරෙහි තරග 4ම මුම්බායි පිල ජයගැනීම විශේෂත්වයක්.
2013 , 2015, 2017 හා 2019 වසරවල ශූරතාවයේ හිමිකරු වන්නේද මුම්බායි පිල වනවා.
මෙහිදී ලසිත් මාලිංග යැවූ අවසන් පන්දුවාරය දැඩි ඇගයීමට ලක්ව ඇති අතර මාලිංගගේ මායාවන් නිමාවී නොමැති බවයි ක්‍රීඩා විචාරකයින් සදහන් කරන්නේ.
මෙවර අයි පී එල් ශූරතාවය දිනාගත් මුම්බායි පිලේ පුහුණුකරු වූයේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධනයි.
මෙවර අයි පී එල් තරගාවලියට පැවැති ලාංකීය නියෝජනය වූයේ මාලිංග හා මහේල පමණක් වීමද විශේෂිත වනවා.]

තරගයේ වීරයා – ජස්ප්‍රිට් බුම්රා
හොදම ක්‍රීඩාංගනය – බන්ජාබ් ක්‍රිකට් සංගමය හා හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය
නැගී එන යොවුන් ක්‍රීඩකයා – ශූබ්මාන් ගිල්
වඩාත් සාධාරණ ක්‍රීඩාවක නිරතවූ කණ්ඩායම – සන්රයිසස් හයිද්‍රාබාද්
හොදම උඩ පන්දුව – කයිරන් පොලාර්ඩ්
වැඩිම ප්‍රහාරාත්මක වේගය – අන්ද්‍රේ රසල්
තැඹිලි පැහැ හිස්වැස්ම – හොදම පිතිකරු – ඩේවිඩ් වර්නර්
දම් පැහැ හිස්වැස්ම – ඉම්රාන් තහීර් කඩුලු 26
තරගාවලියේ වඩාත් වටිනා ක්‍රීඩකයා – අන්ද්‍රේ රසල්
අනුශූරතාවය – චෙන්නායි සුපර් කිංග්ස්
ශූරතාවය – මුම්බායි ඉන්දියන්ස්

ලකුණු පුවරුව

Mumbai Indians 149/8 (20.0 ov)R/R: 7.45

THIS OVER:

0001(W)44

Batsman R B 4s 6s SR
Quinton de Kock (W)

c MS Dhoni b Shardul Thakur
29 17 0 4 170.58
Rohit Sharma (C)

c MS Dhoni b Deepak Chahar
15 14 1 1 107.14
Suryakumar Yadav

b Imran Tahir
15 17 1 0 88.23
Ishan Kishan

c Suresh Raina b Imran Tahir
23 26 3 0 88.46
Krunal Pandya

c & b Shardul Thakur
7 7 0 0 100
Kieron Pollard

not out
41 25 3 3 164
Hardik Pandya

lbw b Deepak Chahar
16 10 1 1 160
Rahul Chahar

c Faf du Plessis b Deepak Chahar
0 2 0 0 0
Mitchell McClenaghan

run out (Faf du Plessis)
0 2 0 0 0
Jasprit Bumrah

not out
0 0 0 0 0
Lasith Malinga

Extras

(b – 0, w – 3, no – 0, lb – 0, penalty – 0)
3
Total 149 (7.45 runs per over)
Fall of Wickets: 1-45 (Quinton de Kock, 4.5 ov), 2-45 (Rohit Sharma, 5.2 ov), 3-82 (Suryakumar Yadav, 11.2 ov), 4-89 (Krunal Pandya, 12.3 ov), 5-101 (Ishan Kishan, 14.4 ov), 6-140 (Hardik Pandya, 18.2 ov), 7-140 (Rahul Chahar, 18.4 ov), 8-141 (Mitchell McClenaghan, 19.4 ov)
Bowlers O M R WKT WD NB ECON
Deepak Chahar 4 1 26 3 1 0 6.5
Shardul Thakur 4 0 37 2 0 0 9.25
Harbhajan Singh 4 0 27 0 1 0 6.75
Dwayne Bravo 3 0 24 0 1 0 8
Imran Tahir 3 0 23 2 0 0 7.66
Ravindra Jadeja 2 0 12 0 0 0 6
Chennai Super Kings 148/7 (20.0 ov)R/R: 7.4

THIS OVER:

1121(W)20(W)

Batsman R B 4s 6s SR
Faf du Plessis

st Quinton de Kock b Krunal Pandya
26 13 3 1 200
Shane Watson

run out (Krunal Pandya)
80 59 8 4 135.59
Suresh Raina

lbw b Rahul Chahar
8 14 0 0 57.14
Ambati Rayudu

c Quinton de Kock b Jasprit Bumrah
1 4 0 0 25
MS Dhoni (C) (W)

run out (Ishan Kishan)
2 8 0 0 25
Dwayne Bravo

c Quinton de Kock b Jasprit Bumrah
15 15 0 1 100
Ravindra Jadeja

not out
5 5 0 0 100
Shardul Thakur

lbw b Lasith Malinga
2 2 0 0 100
Deepak Chahar

Harbhajan Singh

Imran Tahir

Extras

(b – 5, w – 4, no – 0, lb – 0, penalty – 0)
9
Total 148 (7.4 runs per over)
Fall of Wickets: 1-33 (Faf du Plessis, 4 ov), 2-70 (Suresh Raina, 9.2 ov), 3-73 (Ambati Rayudu, 10.3 ov), 4-82 (MS Dhoni, 12.4 ov), 5-133 (Dwayne Bravo, 18.2 ov), 6-146 (Shane Watson, 19.4 ov), 7-148 (Shardul Thakur, 20 ov)
Bowlers O M R WKT WD NB ECON
Mitchell McClenaghan 4 0 24 0 2 0 6
Krunal Pandya 3 0 39 1 0 0 13
Lasith Malinga 4 0 49 1 1 0 12.25
Jasprit Bumrah 4 0 14 2 0 0 3.5
Rahul Chahar 4 0 14 1 0 0 3.5
Hardik Pandya 1 0 3 0 1 0 3

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න