නාමල් , ඩෑන් , අමිත් පොලිස් අත්අඩංගුවේ

නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ සැකකරු නීතීඥයකු මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් පසුවයි.

උද්ඝෝෂණවල නියැලි සිටි  බවට ඇති තොරතුරු හේතුවෙන්  ප්‍රශ්න කිරීම් සඳහා ඔහු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පසුගිය දෙදින තුල හටගත් කළහකාරී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහ සොහොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මේ වන විට අත්අඩංගුවට ගෙන තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න