2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ආකෘති පත්‍ර බෙදා හැරීම අද(15) සිට

මෙම වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ ආකෘති පත්‍ර බෙදා හැරීම අද(15) සිට ආරම්භ වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසනවා.

2019 වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන වී සී ආකෘති පත්‍ර බෙදා හැරීම අද (15) ආරම්භ වන අතර එම ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු ලබන මස පළමුවනදා සිට ආරම්භ කෙරෙනු ඇති. මෙවර වී සී ආකෘති පත්‍රය සමග තවත් ලේඛනයක් ජනතාවට ලබාදෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසනවා.

වයස අවුරුදු 16 ත් 18 ත් අතර පසුවන්නන් සම්බන්ධයෙන් එම අතුරු ලේඛනයේ තොරතුරු ඇතුළත් කළ යුතුයි. එමෙන්ම අදාළ ලේඛනයේ ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු ද ඇතුළත් කළ යුතු වනවා. ආබාධිත පුද්ගලයින් සදහා වන නිසි දත්ත පද්ධතියක් නොමැතිවීම හේතුවෙනුයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය මෙම පියවර ගෙන ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න