මරාගෙන මැරුණු බෝම්බකරුට පින් දෙන්න ආ 5ක් අත්අඩංගුවට

මරාගෙන මැරුණ බෝම්බකරුවකු සඳහා ආගමික වතාවත් සඳහා පැමිණි මවුලවිවරයකු ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවටපත්ව තිඛෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තුළදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් වැල්ලම්පිට්ය තඹ කර්මාන්තශාලා හිමිකරු වු  මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් සිහිකරමින් ආගමික වතාවත් සිදුකිරීම සදහා පැමිණි බවට සැක කරන මවුලවිවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු වන අතර ඔවුන් බෝම්බකරුගේ බිරිඳට අයත් කොල්ලුපිටිය මල්පාර හි පිහිටි සුඛෝපභෝගි දෙමහල් නිවසේදි අත්අඩංගුවට ගත් බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳගේ නිවසට සැක කටයුතු කිහිප දෙනෙකු පැමිණ සිටින බවට කොල්ලුපිටිය පොලීසිය වෙත ලැබුණු තොරතුරක් මත එහි පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.අත්අඩංගුවට ගනු ලැබූ මවුලවිවරයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සෙසු පිරිස මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට මුලික විමර්ශන වලදී හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් පැමිණි තිබු ත්‍රිරෝද රථය මෙන්ම එම දෙමහල් නිවස තුළ තිබී ඩ්‍රෝන කැමරාවක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිඛෙනවා.