ත්‍රස්තවාදයට එරෙහිව ලංකාවට සහාය දෙනවා / අමෙරිකානු ආරක්ෂක ලේකම්

ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටනට පූර්ණ සහය ලබා දෙන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අවධාරණය කරනවා.
ඔහු මේ බව කියා සිටියේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා නිව්යෝර්ක් නුවරදී හමු වූ අවස්ථාවේදීයි.

මෙම හමුවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය යළිත් වරක් හෙළා දුටු බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එහිදී අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කළේ, බෝම්බ ප්‍රහාරවලින් පසුව අමෙරිකාව දැක්වූ සහය පිළිබඳව ස්තුතිය පළ කරන බවයි.

එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට බලාපොරොත්තු වන බව ද විදේශ අමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍ර‍කාශ කර ඇති බව සඳහන් .

වගවීම, යුක්තිය හා ප්‍රතිසන්ධානය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පිළිබඳව ද මයික් පොම්පියෝ මහතාගේ පැසසුමට ලක්ව ඇති බවද අදාළ නිවේදනයේ දක්වා තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න