වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පසුගිය වසරවල මෙන් මෙවරද වෙසක් සමයේ අවශ්‍ය උපරිම ආරක්‍ෂාව ලබා දීමට කටයුතු කර ඇති බවයි.
වෙසක් දින කිහිපයේදීම කොළඹ ඇතුළු නගරවලට පැමිණෙන මහජනතාවගේ ආරක්‍ෂාවට හා රථවාහන හැසිරවීම සදහා පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවා ඇති අතර  ප්‍රජා පොලිස් කමිටු සම්බන්ධ කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි අගමික කටයුතු සංවිධාන කරන ලෙස ද දිවයිනේ පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිඛෙනවා.
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කර ඇති දන්සල් ප්‍රමාණය හා වෙසක් තොරණ ප්‍රමාණය පෙර වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කර තිඛෙනවා.

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න