මරාගෙන මැරුණු ත්‍රස්තයන්ගේ ඩී එන් ඒ පරීක්ෂණ සැසදෙයි

පාස්කු ඉරිදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධවූ බෝම්බකරුවන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සියල්ලම සැසදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අනාවරණ කළා.
මේ එම ත්‍රස්තවාදීන්ගේ ඩී එන් ඒ සැසදී ඇති ආකාරයයි.

කොළඹ ෂැංග්‍රීලා හෝටලය – 01 මොහොමඩ් සහ්රාන් – බිරිඳගේ හා දියණියගේ DNA සමග සැසඳෙයි

02 ඊබ්‍රයිම් ඉල්හාම් අහමඩ් – පියගේ DNA සමග සැසඳයෙි

කොළඹ සිනම් ග්‍රෑන්ඩ් හෝටලය – 03 ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් – පියාගේ DNA සමග සැසඳෙයි ( ඉන්සාෆ් හා ඉල්හාම් සහෝදරයන් වන අතර ඔවුන්ගේ පියා වන්නේ කෝටිපති ව්‍යාපාරක ඊබ්‍රහිම් හජ්ජියාර්ය. ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි)

කටුවාපිටිය පල්ලිය – 04 මොහෙම්මදු හස්තූන් – දෙමාපියන්ගේ DNA සමග සැසඳෙයි

කොච්චිකඩේ පල්ලිය – 05 අලව්දින් අහමඩ් මුවාස් – දෙමාපියන්ගේ DNA සමග සැසඳෙයි.

දෙහිවල ලැඟුම්හල – 06 අබ්දුල් ලතීෆ් -බිරිදගේ හා දරුවන්ගේ DNA සමග සැසඳෙයි

මඩකලපුව සියොන් දේවස්ථානය – 06 මොහොමඩ් නසාර් – මවගේ DNA සමග සැසඳෙයි

කිංග්ස්බරි හෝටලය – 07 මොහොමඩ් අසාම් – භාර්යාවගේ හා දරුවාගේ DNA සමග සැසඳෙයි

මහවිල උද්‍යානය – 08 මොහොමඩ් ෆාතිමා – ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ ඉල්හාම්ගේ බිරිඳ වන අතර ජීවිතක්ෂයට පත්ව තිබූ දරුවන් තිදෙනා ඔවුන්ගේ දරුවන් තිදෙනා වෙයි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.