ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව / අද පස්වරුවේ නිදහස්

අධිකරණයට අපහාස කිරීම ඇතුලුව චෝදනා හතරකට අදාළව සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පස්වරුවේ අත්සන් තබා ඇති බව වාර්තාවනවා.

ඒ අනුව ඒ අනුව අද පස්වරු 3ට උන්වහන්සේ බන්ධනාගාරයෙන් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක  විතාරන්දෙනියේ නන්ද හිමියන් කියා සිටියේ.

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබා දීමේ මූලික අදියර යටතේ ජනාධිපති ලේකම්වරයා විසින් බන්ධනාගාර මූලස්ථානයෙන් වාර්තාවක්ද කැදවා තිබූ අතර ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥානසාර හිමි හමුවී විනාඩි 45 කට ආසන්න කාලයක් සුහද පිළිසඳරක යෙදුණු බවයි වාර්තා වුණේ.

2018 අගෝස්තු 18 වැනි දා උන්වහන්සේට මෙම සිරදඬුවම නියමවූ අතර මාස 9කට ආසන්න කාලයක් උන්වහන්සේ සිරගතව සිටියා.