ඉන්දුනීසියාව නොසන්සුන් / ගැටුම් ඇවිලේ /ෆේස් බුක් සීමා කරයි

ඉන්දුනීසියා ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එරට විපක්ෂයේ ආධාරකරුවන් කලහකාරී ලෙස හැසිරෙන බව වාර්තා වනවා.

ඉන්දුනීසියානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ජනාධිපති ජොකෝ විදෝදෝ ජයග්‍රහණය කළ අතර විපක්ෂයේ ආධාරකරුවන් පවසන්නේ එම ප්‍රතිඵල පිළි නොගන්නා බවයි.

විපක්ෂයේ ආධාරකරුවන් මාර්ගයේ නවතා තිබූ රථවාහනවලට ගිනි තබමින් කඩ සාප්පුවලට අලාභහානි කරමින් කලහකාරී ලෙස හැසිර ඇති අතර ඔවුන් පාලනයට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණා.

මෙම විරෝධතා සදහා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට දහසකට වැඩි විරෝධතාකරුවන් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. ඒ අතරින් 60 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පවත්නා තත්ත්වය තුල ව්‍යාජ පුවත් පැතිරයාම හේතුවෙන් එරට තුල සමාජ මාධ්‍ය සීමා කිරීමක්ද සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

2454

ආසාදිතයන්

1980

සුවය ලැබූ

463

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.