ජනපති සටනට ධම්මික පෙරේරා එනවද ? නැත්ද ?

ශ්‍රී ලංකාවේ ජනතාව සමග ඉදිරියේදී සෙල්ලම් කිරීමට කිසිවකුට නොහැකි වනු ඇති බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා.
කොලඹදී පැවැති උත්සව අවස්ථාවකදී ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේදැයි මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු මෙම අදහස් පල කළා.

2020 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස එන්න සූදානමක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළා කියලත් කියනවා?

රට හදන්න ඕන. අහපු ප්‍රශ්ණයට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා බලමු.

ඒ කතාවේ ඇත්තක් තියෙනවද?

මං දැම්මම ඒකට පොඩ්ඩක් මුකුත් නොකියන්න තමයි හිතාගෙන ඉන්නේ.

ජනතාවට අලුත් බලාපොරොත්තුවක්, සමප්‍රදායික දේශපාලනයේ පිට පිළිබඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?

ජනතාව දැනුවත් වෙලා ඉන්නේ ඔක්කොටම වඩා. ජනතාවත් එක්ක කාටවත් ඉස්සරහට සෙල්ලම් කරන්න බැරිවෙයි. රට දියුණු කරන විසඳුම් අරගෙන මිසක් ඉස්සරට කාටවත් ඉන්න බැරිවෙයි.

ගෙවුණු වසර 72 සම්බන්ධයෙන් ජනතාවට ආපසු වෙනස් විදිහකට හිතන්න වෙයි කියන එකද?

සමාජ මාධ්‍යයත් එක්ක ජනතාව දැන් ඉස්සරට වඩා දැනුම අරගෙන තිබෙන්නේ. ඉදිරිය හොඳ වෙයි කියලා තමයි මම හිතන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න