බෞද්ධයන්ට හානිකර ප්‍රකාශයක් ගැන හේෂා විතානගේට එරෙහි විමර්ෂණ

පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතාන මහතා බෞද්ධ ජනතාව පිළිබද අන්‍යාගමිකයන් තුළ වෛරයක් පතුරවන ආකාරයේ ප‍්‍රකාශයක් රූපවාහිනී වැඩසටහනක් මගින් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත නියෝග කර තිඛෙනවා.

අප්‍රේල් 21පාස්කු ඉරිදා ප‍්‍රහාරය බෞද්ධ ආගමික ස්ථානයක සිදුවූයේ නම් අහිංසක මුස්ලිම් ප‍්‍රජාව මරමින් විශාල විනාශයක් වන බව පවසමින් හේෂාන් විතාන මහතා රූපවාහිනී වැඩසටහනේදී ප්‍රකාශ කර ඇති බවයි අධිකරණය වත කරුණු වාර්තාකර ඇත්තේ.

දණ්ඩ නිති සංග‍්‍රහයේ 290 (අ) වගන්තිය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3 (2) වගන්තිය ප‍්‍රකාරව මෙම තැනැත්තා වරදක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.