CPL තරගාවලියේදී මාලිංගට හා ඉසුරු උදානට ඉහළ ඉල්ලුමක්

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් පස්දෙනකු තෝරාගෙන තිඛෙනවා.අදාළ තරගාවලිය ලබන සැප්තැම්බර් මස 4 වැනිදා සිට ඔක්තෝම්බර් 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
කැරිබියන් ප‍්‍රිමියර් ලීග් ක‍්‍රීඩක වෙන්දේසියේදී ලසිත් මාලිංග, ඉසුරු උදාන, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සහ සීකුගේ ප‍්‍රසන්න යන ක‍්‍රීඩකයන්ව එක් එක් කණ්ඩායම් වෙනුවෙන් තෝරාගෙන ඇති අතර  ලසිත් මාලිංග සාන්ත ලූසියා පිලට ඇමරිකානු ඩොලර් 160,000 කට මුදලකට සහ ඉසුරු උදාන සාන්ත කිට්ස් සහ නෙවිස් පැට්රියෝට්ස් කණ්ඩායම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 160,000 කට අළෙවි වී තිබුණා.
මීට අමතරව තිසර පෙරේරා ඇමරිකානු ඩොලර් 90,000 ක මුදලකට සාන්ත ලූසියා ස්ටාර්ස් කණ්ඩායමටත් නිරෝෂන් දික්වැල්ල ඇමරිකානු ඩොලර් 30,000 ක මුදලකට සාන්ත ලූසියා ස්ටාර්ස් පිලටත් සීක්කුගේ ප‍්‍රසන්න ඇමරිකානු ඩොලර් 30,000 ක මුදලකට ට්රින්බැගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායමටත් මිලදී ගෙන තිඛෙනවා.
අදාළ වෙන්දේසිය සදහා ක‍්‍රීඩකයන් 536 දෙනකු ලැයිස්තු ගතකර තිබූ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් 34 ක් අතරින් අලෙවි වී තිබුණේ 5 දෙනකු පමණයි.