පවුලේ ජන්ද 9යි / මට ජන්ද 5යි /අපේක්ෂකයා හඩා වැටෙයි

ඉන්දීය මහ මැතිවරණයෙන් ජන්ද 5ක් පමණක් හිමිකරගත් අපේක්ෂකයකු දැඩි කම්පනයකට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිඛෙනවා.
ඔහු නීතු ෂතරන් වාලා නැමැත්තකු වන අතර පන්ජාබ් ප්‍රාන්තයෙන් ඔහු තරග වැද තිබුණේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසයි.
මැතිවරණයෙන් පසු මාධ්‍ය හමුවේ හඩා වැටෙමින් මෙම අපේක්ෂකයා කියා සිටියේ තමන් ශෝකවීමට හේතුව ජන්ද 5ක් පමණක් ලැබීම පමණක් නොව සිය පවුලේ ජන්ද දායකයින් 9 දෙනකුම සිටීම බවයි.
ඒ අතරින් පිරිසක් තමන් අතහැර සොරුන්ට ජන්දය ලබාදී ඇති බවත් මෙම අපේක්ෂකයා චෝදනා කරනවා.
ඉදිරියේදී යළි කිසිදා මැතිවරණයකට තරග නොකරන බවයි ඔහු පවසන්නේ.
කෙසේ වෙතත් නීතු ෂතරන් වාලා ජන්ද 5ක් ලබාගෙන එය කම්පනයට පත්වීමට හේතුවක් බවට පත්ව තිබුණද මෙරට ඇතැම් මැතිවරණවලදී බොහෝ ස්වාධීන කණ්ඩායම්වලට එක් ජන්දයක් හෝ හිමි නොවන බව ප්‍රකට කරුණක් වනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.