හිස්බුල්ලා,සාලි හා රිෂාඩ්ට එරෙහි පැමිණිලි භාරගැනීම ඇරඹෙයි

එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, අසාද් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි භාර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිඛෙනවා.

එම කමිටුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත වන බවයි පොලිසිය සදහන් කළේ.

ඒ අනුව අදාළ පැමිණිලි අද සිට ලබන 12 වන දා දක්වා පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කළ හැකියි.

පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා පැමිණිලි භාර ගනු ලබන අතර සෑම පැමිණිල්ලක්ම ලිඛිතව ලබාදිය යුතු වනවා.