ඊබ්‍රහිම් ගැන අපිට තව හොයන්න තිබුණා – අනුර

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දරන අදහස්.

  • රටේ මහා ව්‍යාකූල තත්වයක් ඇතිවී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුුණේ් ස්ථාවරය කුමක්ද ?

මේ මොහොතේ ‍පොදු සමාජයේ හැගීම් උඩට ඇවිත් බුද්ධිය තර්කනය අදාල නොවන තැනකට ඇවිත් තිබෙනවා. මේ අසීරුම මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දේශපාලන ගමන් මඟ නිවැරදිව සකස්කර ගනිමින් සිටිනවා. අපි නිවැරදි වියයුතු වන්නේ මේ නිශ්චිත මොහොතට පමණක් නොවෙයි. අනාගතයටත් අප නිවැරදිවිය විය යුතුයි.

  • ජනතාව මේ මොහොතේ ඉන්න ස්ථාවරය වැරදියි කියලද ඔබ කියන්නේ ?

මම කියන්නේ බොහෝ දේවල් යම් ආවේගශීලීව හැගුම් බරව මුදාහරින බවක් පේනවා. ඒ සඳහා විවිධ පාර්ශව මැදිහත් වෙනවා. නැවත නැවතත් අපි අපේ ජනතාවත් සමග කතාකර ජනතාවගේ බුද්ධිය අවදිකළ යුතු වෙනවා.

  • ජනතාව එතනට රුගෙන ගියේ කවුද?

සමහර දේශපාලන න්‍යායපත්‍රයන් ඒතුළ තිබෙනවා. ඒ වගේම ඇතැම් මාධ්‍ය භාවිතාවන් ද ඒ සඳහා බලපානවා. ඒ වගේම ‍පොදු සමාජය තමන්වෙත පැවරී ඇති පීඩනයන් මුදාහැරීමටද මෙම අවස්ථාව භාවිතා කරනවා.

  • ඔබ බොහොවිට රටේ මාධ්‍ය භාවිතව ගැන කතාකරනවා. මාධ්‍යය වැරුද්දක්කර තිබෙන බවද ඔබ කියන්නේ.

විවෘත කතා කළහොත් මාධ්‍යයටත් දේශපාලනයක් තිබෙනවා. සමහර මාධ්‍ය එහි අයිතිකරුවන්ගේ දේශපාලනය නියෝජනය කරනවා. අපි ඒ සමග ගොඩාක් පැටලීමට යන් නැහැ. නමුත් ගොඩාක් අය කියනවා ප්‍රවෘත්තිය බැලීමට පෙර නාලිකාව කියවාගෙන ඉන්න කියලා. එහෙම කළහොත් අපිට ප්‍රවෘත්තිය තේරුම්ගැනීමට පහසු වෙනවා. පසු ගිය කාලය පුරාවටම මම දැක්කා ඇතැම් ‍ලේඛනවලින් ගම්‍යය කරලා තිබුනේ ගහන්න උබලා තවම ප්‍රමාද මොකද වගේ අදහසක්. මාධ්‍ය අසත්‍යය පැවැසීම ඉතාම භයානක වුවත් වඩා භයානක මාධ්‍ය මගින් වැරදි පරාවර්තනයන් ඇති කිරීමයි.

  • මාධ්‍යය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ වෛරයකින් ක්‍රෝධයකින්ක්ධ‍ පසුවෙනවද?

එහෙම නැහැ. දේශපාලන භාවිතාවන් පිළිබඳව විවේචනයක් ඉදිරිපත් කිරීමට මාධ්‍යයට අයිතියක් තිබෙනවා. ඒ වගේම මාධ්‍යය පිළිබඳවත් විවේචන ඉදිරිපත් කිරීමට දේශපාලන ව්‍යාපාරවලටත් අයිතියක් තිබෙනවා.

  • කුරුණෑගල රෝහ‍ලේ වෛද්‍යවරයෙකු මවුවරුන් වඳ භාවයට පත්කර ඇති බවට පැතිරයන චෝදනාව පිළිබඳව ඔබ පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශය පිළඳව ඇතුමුන් විවේචන ඉදිරිපත් කරනවා.

මම එදා එම ප්‍රකාශය කළේ එම ප්‍රවෘත්තිය වාර්තාකර තිබූ ආකාරයේ අඩුපාඩුවක් පෙන්වා දෙමින්. මට අවශ්‍ය මෙ සමාජය සුවත්පත් කිරීමට දායක වීමටයි. මුස්ලිම් ජන සමාජය සහ සිංහල සමාජය අතර ගැටුමක් ඇති නොවෙන තැනට අපි කටයුතු කරීමයි වැදගත්.

  • මේ වන විට එම වෛද්‍යවරයා පිළිබඳව විවිධ චෝදනා ඉදිරිපත් වෙනවා. වඳ භාවයට පත්ව ඇතිදැයි සැක සහිතව මවුවරු 600 කට වැඩි පිරිසක් එම රෝහලට පැමිණෙමින් සිටිනවා. දැන් මොකද හිතන්නේ?

ඔහු එම වැරැද්ද කර ඇත්නම් ඔහුට වහාම දඩුවම් දිය යුතුයි. ඔහු ට තව අය සහය වී තිබෙනවානම් ඔවුන්නටද දඩුවම් දිය යුතුයි. නිවැරදි විද්‍යාත්මක පරික්ෂණයකින් ඔවුන්ට දඩුවම්ලබා දිය යුතුයි. මෙය ඉතා ඛිෙද ජනක තත්වයක්. මව්වරු 4000ක් නොවෙයි මව්වරු එක්කෙනෙකුට එවැනි දෙයක් කර තිබේනම ඔහුට දඩුවම් දිය යුතුයි.

  • පාර්ලිමේන්තුවේ වගකිය යුතු දේශපාලන පක්ෂයක් හැටියට මෙම ප්‍රශ්ණයට මීට වඩා මැදිහත්විය නොහැකිද?

ඒ නිසා තමයි මෙම ප්‍රවෘත්තිය දුටු පලමු දිනයේ දීම මේ පිළිබඳව මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ. මුස්ලිම් වෛද්‍යවරයෙකු ලඟට සිංහල මවුවරු නොයන තත්වයක් මේ හරහා ඇතිවෙන්නන පුලුවන්. ඒ නිසා අපි රජයට බල කර සිටින්නේ මේ පිලිබඳව විදිමත් පරික්ෂණයක් ඉතා කඩිවමින් සිදුකර ජනතාවට ඇත්ත පැවැසිය යුතුයි. මෙවැනි අන්තවාදයක් ඇතිකරපු එය ‍පෝශණය කරපු අය නොවෙයි මෙම ප්‍රශ්ණයෙන් බැට කෑවේ. අහිසංක කතෝලික ජනතාවටයි මේ නිසා සිය ජවිතවලින් වන්දිගෙවන්න සිදුවුනේ. අපි දැන්වත් මේ ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ජනතාවට ලබාදිය යුතුයි. එය මෙම පාලකයින්ගේ වගකීම වෙනවා.

  • කුරණෑගල රෝහ‍ලේ අදාල වෛද්‍යවරයාට රිෂාඩ් බදියුදීන් වැනි දේශපාලනඳයින් විශේෂ පහසුකම් ලැබිලා තියෙන බව පිළිගන්නවද?

එහෙම තත්වයන් හෙළිදරව්වෙනවා. ඒ පිලිබඳවද සොයා බැලිය යුතුයි. හැබැයි මෙම වෛද්‍යවරයාට පමණක් නොවෙයි වෙනත් වෙනත් පුද්ගලයින්ටද එවැනි ආකාරයට දේශපාලනඥයින් උදව්කර තිබෙනවා. අපි කාවවත් ආරක්ෂා කරන්නේ නැහැ.

  • මොහොමඩ් ඊබ්‍රහීම් ගැන ඔබට අමුතුවෙන් මතක් කළයුතු නැහැ. එවැනි පුද්ගලයෙකුට ඔබගෙ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව දීම ගැන දැන් මොකද හිතන්නේ?

ඉබ්‍රහීම් සමඟ අපිට ඉතා දිගු දේශපාලන සම්බන්දකමක් තිබෙනවා. මුස්ලිම් ජනතාවත් ඔහුත් සමඟ සිටිනවා. ඔහු නියෝජනය කරපු ක්ෂේත්‍රයත් වෙනුවෙනුයි අපි ඔහුට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් දුන්නේ. ජාතික ලැයිසතුවෙන් අවස්ථාවක් දෙන්න ඔහු අපගේ පක්ෂයේ සමාජිකයෙක්ම විය යුතු නැහැ.

  • ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් දෙන විට මීට වඩා එම පුද්ගලයින් ගැන මීට වඩා සොයා බැලවියයුතු නැද්ද?

ඒ පිලිබඳව මීට වඩා සෙවිල්ලක් අපි විසින් සොයා බැලියයුතුව තිබුණා. එම අඩුපාඩුව අප අතින් සිදුවුණා.

  • ඊබ්‍රහීම් මෙම අනතවාදීන්ට සම්බන්ධව කටයුතුකර ඇති බව ඔබට තහුවුරුවක් තිබෙනවාද?

අප සතුව ඇති තොරතුර අනුවනම් අපට තවමත් එවැනි තහුවරුවක් නැහැ. හැබැයි අපගේ කිසිදු සැඟවීමක් නැහැ. ඔහු එවැනි වැරුද්දක් කර ඇත්නම් ඔහුට දඬුවම් ලබා දිය යුතුයි. ඔහු අප සමඟ ඉතා හොදින් කටයුත කළා. ඔහුගේ දරුවන් දෙදෙනෙකු මෙම ප්‍රහාරවලට සම්බන්ධ බව රටම දන්නවා. ඒ නිසා ඊබ්‍රහීම් මේ දේවල්වලට සම්බන්ධන්ධනම් ඔහුට සමාව නොදිය යුතුයි.

  • ඊබ්‍රහීම්ගේ දරුවන් දෙදෙනා මෙවැනි අන්තවාදයකට සම්ඉන්ධ ව සිටි බව ඊබුශීම් නොදැන සිටියා කියලද හිතන්නේ?

ඔහුගේ දරුවන් දෙදෙනා මෙම ප්‍රහාරවලට සම්බන්ධයි කිලලා ඊබ්‍රහීම් නොදැන සිටියාද කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව සොයා බැලිය යුතුයි. හැබැයි ඔහුට මෙවැනි දෙයක් සිදුවෙන බව නොදැන හිටියා කියලා ගැලවෙන්න බැහැ

  • ඔහුගේ මුදල් ඔබගේ පක්ෂය වෙනුවෙන් වියදම් කළ බවට චෝදනා ඉදිරිපත් වෙනවා

කිසිසේත් නැහැ. ඔහුව අපි ජාතික ලැයිස්තුවට ගෙනාවේ ඔහුට මුදල් තිබන නිසා නොවෙයි.

  • රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගයක් ඉදිරිපත්කර තිබියදී තමුන්නාසේලා සමස්ත ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ ආණ්ඩුව ආරක්ෂාකර ගන්නද?

අප්‍රේල් 21 ප්‍රහාරය නවත්ගන්න ආණ්ඩුවට නොහැකිවුණා. සාමාන්‍යය ජනතාවගේ ආරක්ෂාව සලසන්න මෙ ආණ්ඩුවට නොහැකිවුනා. ප්‍රහාරයෙන් පසු රටේ ජනතාව අතර සමකාමී තත්වයක් රැකගන්න ආණ්ඩුවට නොහැකි වුණා. ජනාධිපතිට අගමැතිට මෙම වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. ඒ නිසා තමයි සමස්ත ආණ්ඩුවට එරෙහිව අපි විශ්වාසභංගයක් ඉදිරිපත් කළෙ.

  • පාස්කු ප්‍රහාරය පිලිබඳ ආණ්ඩුව පත්කළ තේරීම්කාරක සභාවට රාජ්‍යය බුද්ධි අංශ ප්‍රධානී කැඳවීම අනුමත කරනවාද?

කිසිම ප්‍රශ්ණයක් නැහැ. ඒ සියලු බුද්ධි අංශ ප්‍රධානීන්ට අප පළමුව දැනුම් දී සිටිනවා රටේ ජාතික ආරක්ෂාවට බලපාන කිසිවක් පැවැසීමට සිදුවෙනවනම් පිළිතුර නොදී ඉන්න පුලුවන් කියලා. ආරක්ෂක අංශ ප්‍රධානීන් විතරක් නොවෙයි ජනාධිපතිත් අගමැතිත් මේ කාරක සභාව හමුවට කැඳවිය යුතුයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.