පාර්ලිමේන්තු කාරක සභාව මගින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර තිඛෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග අද පැවති මාසික රැස්වීමේදීයි.

දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර එම සියලු දෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ නඩු 05 ක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර එවන් අවස්ථාවක තේරිම් කාරක සභාවක් පත් කර කටයුතු කිරීම එය ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයත් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනාධිපතිවරයා සඳහන් කළේ, තමා එය කථානායකවරයාට ඉදිරිපත් කළ අතර , එවන් ලිපි ලේඛන පාර්ලිමේන්තු ආරම්භයේදී සම්ප්‍රදායානුකූලව කථානායකවරයා විසින් ඉදිරිපත් කළ යුතුව ඇති නමුත්, කථානායකවරයා ඒ පිළිබදව කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම කනගාටුවට කරුණක් බවයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.