පොසොන් සමයේ අනුරාධපුරයේ ආරක්ෂාවට පොලිසියෙන් 8000ක්

මෙවර පොසොන් සමයේ අනුරාධපුර පූජා භූමි ආශ්‍රිතව ආරක්ෂාව සදහා 8,000 ක ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් යෙදවීමට තීරණය කර තිඛෙනවා.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ති‍්‍රවිධ හමුදාව මෙන්ම සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් ද ඊට ඇතුලත්. අනුරාධපුර, මිහින්තලය සහ තන්තිරිමලේ පුදබිම් කේන්ද්‍ර කරගනිමින් ආරක්ෂාව සඳහා එම නිලධාරීන් අනුයුක්ත කරන බවයි පොලිසිය සදහන් කළේ.