පාස්කු ඉරිදා ප්‍රහාර ගැන පරීක්ෂණ වාර්තා ජනපතිට

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිළිබද සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදී තිඛෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමාට පිළිගැන්වූ බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම ආදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීමට අප්‍රේල් 22 වැනි දා ජනාධිපතිතුමා විසින් විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබුවා.

එහි සමාජිකයින් වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් යන මහත්වරුන්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.