තේරීම් කාරක සභාවට මැදිහත් වෙන්න කැබිනට් මණ්ඩලයට බෑ / අගමැති

තේරීම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත්වීමට කැබිනට් මණ්ඩලයට අයිතියක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිවිල් සමාජ හා වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා.නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේදී කළ ප්‍රකාශය හෙළා දකින අතර නැගෙනහිර ආරම්භ කිරීමට නියමිත විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බවයි වික්‍රමසිිංහ මහතා අවධාරණය කළේ.

බුද්ධි අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙන විට ජනමාධ්‍ය ඉවත් කර සාක්‍ෂි දීමට සලස්වන ලෙස එම කාරක සභාවෙන් ඉල්ලා සිටි බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ආගම් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටු වන බව ද මෙම සාකච්ඡාවේදී මෙහිදී ප්‍රකාශ කෙරුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.