රටේ ආරක්ෂාව වෙනුවෙන් ජනපති / අගමැති එක්විය යුතුයි

විවිධ මත දැරුවද අගමැති හා ජනාධිපති එක්ව රටේ ජාතික ආරක්ෂාව හා යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

තේරීම් කාරක සභාවකට අස්සන් තැබුවේ ආණ්ඩු පක්ෂය හා ඒකාබද්ධය වුවත් පසුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් නොකෙරුණු කරුණු එයට ඇතුලත් කිරීම නිසා ඒකාබද්ධය ඇතුලු කණ්ඩායම් මෙම කමිටුව වර්ජනය කළා. රිෂාඩ් හිටපු ඇමතිවරායගේ කරුණත් නිරාකරණය කරන වැඩපිළිවෙලක් මේ තුළට ගෙනත් තිබෙනවා. මෙයට පත්කර සිටින අයගෙන් වැඩි පිරිසක් ජාතික ලැයිස්තුවෙන් ආව අය වීම ගැටලුවක්. මේ අය ජනාධිපතිවරයා මුල්කරගෙන ක්‍රියාත්මක වන බවක් පෙනී යනවා. කෙසේ වුවත් අධිකරණයේ ඇති නඩු නිමිත්තක්, නඩුවක් පිළිබඳ කරුණු පාර්ලිමේන්තුවේදි කතා කරන්න බැහැ.නීතියේ මේ සම්බන්ධයෙන් පැහැදිලිව තිබුණත් කතානායකවරයා අනාගත ජනාධිපති වීමේ සිහිනයක සිටින නිසා සිය තනතුරේ වගකීම හා නීතිය අමතකවී තිබෙන බව පෙනෙනවා.

මේ කමිටුව හරහා රාජ්‍ය බුද්ධි අංශ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය හරහා හෙළි කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවන් මේ කමිටුවට ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළා. එමෙන්ම නඩුවකට අදාල කරුණු හෙළි කිරීම විත්තියට දැඩි අගතියක් වෙනවා. නීතිපතිවරයා ද මේ පිළිබඳ ජනාධිපතිවරයාට හා කතානායකවරයාට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය රහස් තොරතුරු හෙළි කිරීම සම්බන්ද පනත අනුව මේ තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුවන තත්ත්වයක් ද තිබෙනවා. ඒ නිසා මේ කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙනවා. මෙහිදී බුද්ධි තොරතුරු ලබාගෙන කාටද ලබා දෙන්නේ කෙසේද ක්‍රියාත්මක වෙන්නේ යන රහසිගත සංවේදී තොරතුරු හෙළිවීම භයානකයි. ත්‍රස්තවාදීන්ට ද මෙම තොරතුරු ගලා යා හැකියි.

මේ දිනවල සිදුවන සමෘද්ධි වැඩපිළිවෙල යටතේ ද වැරදි රාශික් සිදුව ඇති අතර ඒ කටයුතු වෙනුවෙන් පැවැත්වෙන රැස්වීම්වලට ලබාදෙන සමෘද්ධි ප්‍රතිලාබවලට වඩා මුදල් වැය වනබව දැකිය හැකියි. එමෙන්ම සුදුසුකම් සහිත ලැයිස්තුවලින් පිට සමෘද්ධි ලබාදීම පිළිබඳ ඉදිරියේ දී නඩු පැවරීමට අප කටයුතු කරනවා. ඒ අනුව සියලු සමෘද්ධි නිලධාරීන් සතුව ඇති තොරතුරු අප වෙත ලබා දෙන ලෙස අප දැනුවත් කරනවා.

මේ වන විට ගැටවක් ලෙස පැන නැඟී ඇති ලී මෝල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ දී නීතිය ක්‍රියාත්මක වන්නේ ජංගමව පවත්වාගෙන යන ලීමෝල් නැවැත්වීමටයි. ගස් ආරක්ෂාකර ගැනීමට පරිසර ඇමැති ලෙස මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන අතර මේ වන විට වන ඝනත්වය ලෙස වාර්තාවන 15%ක අවමය තවදුරටත් වැඩිකර ගැනීම මෙහි පරමාර්ථය . මේ නීතිය සම්ප්‍රදායික ලී මෝල්වලට බල නොපාන අතර විශේෂයෙන් මොරටුව ලී මෝල් පවත්වාගෙන යන පාරම්පරික කණ්ඩායමට මෙහිදී යම් සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාකර කටයුතු කරන බවට අප පොරොන්දු වෙනවා. මොරටුව ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සුජිත් පුෂ්පකුමාර මහතා මේ පිළිබඳ ඉල්ලීමක් ද ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් කිරීමට පියවර ගන්නා බවට මෙහිදී පොරොන්දු වෙනවා.

කුමන ප්‍රශ්න තිබුණත් ජනාධිපති , අගමැති ජාතික අවශ්‍යතාවකදී රටේ ගැටලු විසඳීමේ දී එකම ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි. එසේම මේ දෙදෙනාම රටට වගකීමට බැඳී සිටිනවා. විවිධ මත තිබුණාට වෙන් වශයෙන් කටයුත කරන්න බැහැ. මෙහිදී බුද්ධි ප්‍රධානියාට හෝ ආරක්ෂක ලේකම්වරයාට මට බලයක් තිබුනෙ නැහැ කියා මඟහරින්න බැහැ.

බැඳුම්කර සිද්ධියෙදී තොරතුරු දෙන්න බැහැ කියා අර්ජුන් මහේන්ද්‍රන් පැවසුවා. ලබාගත් තොරතුරු පවා මාධ්‍යට ලබා නොදීමට කටයුතු කළ අතර අද වන තෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාව ගෙන්වා ගැනීමට පවා නොහැකිව තිබෙනවා. හදිසි නීතිය පිළිබඳ සාකච්ඡාකර තවදුරටත් එය ක්‍රියාත්මක කරනවාද යන්න සාමූහිකව තීරණය කළ යුතුයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.