පාස්කු ඉරිදා ප්‍රහාරයේ තේරීම් කමිටුවෙන් ප්‍රතිඵලයක් සැකයි / හකීම්

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළත් අවසානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂ දෙක එම සභාව වර්ජනය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

“….පාර්ලිමේන්තුවේ බහුතරයක් සහිතවයි මෙම කමිටුව පත් කළේ. ඒකමතික තීරණයක් මත කාරක සභාව පත් කිරීමේ තීන්දුව ගෙන ඇති බැවින් එය වෙනස් කිරීම විධායකට ගැටලුවක්. නමුත් ඉකුත්දින කමිටුව රැස්වීම තුළින් විධායකයට අවනත නොවී ව්‍යවස්ථාදායකය ක්‍රියාකරන බව දැකිය හැකියි.
විධායකය වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ව්‍යවස්ථාදායකය වන කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යම් එකගතාවකට පැමිණෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

යළි අමාත්‍යධූර ලබා ගන්නා ලෙස මහා නායක හිමිවරුන් කළ ඉල්ලීමට ගරු කරන නමුත් සාමුහිකව ගත් තීරණය එක්වරම වෙනස් කිරීම දෝෂාරෝපණයට ලක් විය හැකි බැවින් ඉදිරියේදී සාකච්ඡා කොට තීරණයට පැමිණෙනවා …


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.