මසක් ඇතුලත රන්ජන්ට චෝදනා ගොනුකරන්න / නීතිපතිට නියෝග

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව මාසයක් ඇතුළත චෝදනා පත්‍රයක් ගොනුකර නඩු පවරන ‌‌‌ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිඛෙනවා.

අධිකරණ විනිසුරුවරුන්ගේ සංයුතිය සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට සිදු වි ඇතැයි සඳහන් කළ පෙත්සම් සලකා බැලු අවස්ථාවේදීයි නියෝගය නිකුත් කෙරුණේ.

අගවිනිසුරු ජයන්ති ජයසුරිය ,විජිත් මලවුගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවනු ලැබුවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.