හිටපු ආරක්ෂක ලේකම්ගේ පෙත්සම් 2ක් විසි වෙයි

ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව ඉදිරිපත් වූ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීම එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 2ක් විභාගයට ගැනීමකින් තොරව අද ප්‍රතික්ෂේප කෙරුණා.
ඒ අභියාචනාධිකරණ විනිසුරන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදීයි.
පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් නොමැති බව සඳහන් කරමින් මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කර තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews