ඉතියෝපියා හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ඝාතනය කෙරේ

ඉතියෝපියා හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සියරේ  මෙකොන්නෙන් වෙඩි තබා ඝාතනය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ ආරක්ෂක භටයකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි දැනට කෙරී ඇති පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ.

ඔහු සමග තවත් නිලධාරියකුද ජීවිතක්ෂයට පත් වුණා. ඉතියෝපියාවේ අම්හාරා ප්‍රාන්ත  රජයට එරෙහිව ක්‍රියාත්මක වීමට ගිය කුමන්ත්‍රණයක් වැළැක්වීමට යාමේදීයී මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. පසුගිය වසර කිහිපය මුළුල්ලේ අම්හාරා ප්‍රාන්තයේ ජනවාර්ගික ගැටුම් ඇවිලෙමින් තිබුණා. ඇමෙරිකා  රාජ්‍ය දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉතියෝපියාවේ සිය කාර්ය මණ්ඩලයට තානාපති කාර්යාල පරිශ්‍රයෙන් පිටත්ව නොයන ලෙසයි.