පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ජනපති / අගමැති කැදවීමේ සූදානමක්

පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර ඇති බව වාර්තාවනවා.
එහි සාමාජිකයකු අනාවරණ කළේ අදාළ ධූර දරන්නන් මෙම කාරක සභාව හමුවට කැදවීමට බලයක් ඒ වෙත පවතින බවයි.
මීට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් කාරක සභාව හමුවට කැදවීමට නියමිතයි.
කෙසේ වෙතත් මේ හරහා තවත් දේශපාලනික අර්බුධයක් නිර්මාණයවීම වැලැක්විය නොහැකි බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

එය විධායකය හා ව්‍යවස්ථාදායකය යළි ගැටීමක් විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.