හිස්බුල්ලාට සවුදියෙන් ආ කෝටි 300ක් ගැන විමර්ෂණ ඉල්ලයි

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එම්.එල්. හිස්බුල්ලා මහතාගේ බැටික්ලෝ කැම්පස් ආයතනයට (Batticaloa Campus (Pvt) Ltd) සෞදි අරාබියෙන් රුපියල් කෝටි 300කට වැඩි මුදලක් ලැබුණු ආකාරය බරපතළ සැකයක් මතු කරන බැවින් ඊට අදාළව විමර්ෂණයක් සිදුකළ යුතු බව එම ආයතනය ගැන විමර්ශන පැවැත්වූ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව රජයට නිර්දේශ කර තිඛෙනවා.
එහි දක්වා ඇත්තේ මීට අදාළ පරීක්ෂණ සදහා විදේශ කටයුතු අමාත්‍යාංශය සවුදි අරාබි තානාපති කාර්යාලයේ ද සහාය ලබාගත යුතු බවයි.

සවුදි අරාබියේ ෂෙයික්අල් රෂාඞ් අබ්දුල්අෂිස්, සෙයික් හලීඞ් ඩාවුඩි, අබු සාලිත්, ෂෙයික් ෆෙරාස් නෂීර්, ෂෙයික් ලිමාන් අලිඅල් ජුෆාලි හා ෂෙයික්අලි අබ්දුල්ලා අල් ජුෆාරී යන පුද්ගලයන්ගෙන් මෙම මුදල් අවස්ථා හතරක දී පොලී රහිත ණය මුදල් වශයෙන් ලබාගත් බවට හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර ඇතත් ඔහු ඒ ණය මුදල් පිළිඳව ලංකා බැංකුව හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කිසිදු ආකාරයකින් දැනුවත් කර නොමැති බවද හෙළිව තිඛෙනවා.

බැටික්ලෝ කැම්පස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා ඔහුගේ පුත් අහමඞ් හිරාස් හිස්බුල්ලා යන මහත්වරුන් සෞදියෙන් ලැබුණු මෙම මුදල් පිළිබඳව කරන ප්‍රකාශ එකිනෙකට පරස්පර බව පෙනී යන අතර විදේශ මුදල්වලට අමතරව මෙරටින් ද රුපියල් කෝටි 70 ක පමණ මුදලක් බැටික්ලෝ කැම්පස් ආයතනයට වරින්වර ලැබී ඇතැයි ද හෙළිකර තිඛෙනවා.

මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනයට නීත්‍යානුකූලව දී තිබූ අක්කර 35ට අමතරව අක්කර අටක භූමි ප්‍රදේශයක් නීත්‍යානුකූල නොවන ආකාරයට අත්පත් කරගෙන අනවසර ගොඩනැගිලි ඉදිකර ඇති බවයි හෙළිව ඇත්තේ.

තවත් අක්කර 15ක් විවිධ ඉදිකිරීම් සඳහ හෙළි පෙහෙළි කර තිබූ බවටත් නිරික්ෂණය වී තිඛෙනවා.

මෙම ආයතනය බිහි කිරීමේ අරමුණ ෂරියා නීතියට අදාළ උලමාවරුන් බිහි කිරීම බවට සැක පහළ වන බවත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා දෙමළ සභාවෙන් කලකට පෙර දී කළ ප්‍රකාශයකින් ද ඒ බව තහවුරු වන බවත් ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ සදහන්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.