ඥානසාර හිමිට දුන් සමාවට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් පෙත්සමක්

ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩවන බව දක්වමින් ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ  බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිඛෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , අධිකරණ අමාත්‍ය , ජනාධිපති ලේකම් , හිටපු පොලිස්පති , වැඩබලන පොලිස්පති , වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිඛෙනවා.

“අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සම්බන්ධයෙන් වරදකරු කළ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 19 ක සිර දඬවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන ලෙස සිරදඬුවම් නියම විණි.එලෙස සිර දඬුවම් ගත කරමින් සිටියදී ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමද ඉකුත්දා සිදු විණි.

එලෙස ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනිවේ.

යනුවෙන් පෙත්සමේ දක්වා තිඛෙනවා.