හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව අපරාධ විමර්ෂණයක්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතතාට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී ඩි වික්‍රමරත්න මහතාට උපදෙස් ලබාදී තිඛෙනවා.
ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සිද්ධි මාලාව වළක්වාලීමට හෝ අවම කිරීමට අපොහොසත්වීම හේතු කරගෙන රාජකාරි වශයෙන් කළ ප්‍රබල පැහැර හැරීම හේතුවෙනුයි.

විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ තවදුරටත් සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත මීට අදාළ උපදෙස් ලබා දුන් බව රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළා.