4ක් එල්ලන්න ජනපති අත්සන් කරලා

සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගයට තමා අත්සන් තබා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අනාවරණ කළා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවැති සාකච්ජාවේදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ.
ඊට අදාළ දිනයන්ද තීරණය කර ඇති බව මෙහිදී සදහන් කර තිඛෙනවා.

සෝෆා සහ අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි ගිවිසුම්වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ජනාධිපතිවරයා කියා සිටියේ, කැබිනට් මණ්ඩලයේදී ද තමන් මෙම ගිවිසුම්වලට විරුද්ධත්වය පළ කළ බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියා.

ජනමත විචාරණයක් පවත්වන බවට පළ වන වාර්තා සම්පූර්ණ අසත්‍යයක් බව කියා සිටි ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් මාස දෙකක් තුළ මහ මැතිවරණයක් පවත්වනු ඇති බවයි පැවසුවේ.