කොලඹ වරාය ලෝකයේ 11 වන තැනට

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ විශාල ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් වේ. ලෝකයේ ප්‍රධාන වරායන් අතර වේගයෙන්ම වර්ධනය වන එකළොස්වන වරාය කොළඹ වරාය වේ. විදෙස් සංචාරක කර්මාන්තය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරි වසර කිහිපය තුළ විදේශ ඉපැයීම් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇත. වරාය පුළුල් කිරීම තුළින් දෙස් විදෙස් සංචාරක කර්මාන්තය දෙගුණ කළ හැකි අතර ශ්‍රී ලංකාවේ වරාය පුළුල් කිරීම තුළින් සැලකිය යුතු ඉඩකඩක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. 2019 අගෝස්තු මස 01 වන දින කොළඹදී පැවැත්වෙන අන්තර්ජාතික ලොජිස්ටික්ස් සම්මේලනය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාව සඳහා ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ මධ්‍යස්ථානය ප්‍රවර්ධනය කිරීම බව සංවාදයකට එක්වෙමින් Shippers Academy හි සභාපති රොහාන් මාසකෝරාල මහතා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ කොළඹ වරාය සැලැස්මෙහි ප්‍රධාන අංගයක් වන්නේ ප්‍රවාහනයයි. මහා පරිමාණ කන්ටේනර් නැව් සඳහා හොඳින් නැව්ගත කර ඇති නැගෙනහිර – බටහිර නැව් මාර්ගයට ආසන්නව පිහිටා ඇති එකම ප්‍රධාන දකුණු ආසියානු වරාය වේ. ලොජිස්ටික් ‍ෙස්වා සඳහා විශාල භූමි ප්‍රදේශයක් සහිත මෙම වරාය ශ්‍රී ලංකාවේ දක්ෂිණ භූගෝලීය ප්‍රදේශයක් බවට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරයි.

දෙවන ලෝක මහා යුද සමයේදී බ්‍රිතාන්‍යයන් විසින් භාවිතා කරන ලද දෙවන විශාලතම ස්වභාවික වරාය මෙයයි.

ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව ප්‍රථම වරට කොළඹ අන්තර්ජාතික ලොජිස්ටික් සම්මේලනය පවත්වයි. අගෝස්තු මස 01 සහ 02 යන දෙදින කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්වීමට නියමිත සමුළුව ආයෝජන ගමනාන්තයක් 2020 දක්වා පැවැත්වීමට අරමුනයි.

ශ්‍රී ලංකාවේ නාවික කටයුතු කර්මාන්තය පිළිබඳව 2015 – 2016 දී CIMC Events මඟින් සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත. එහිදී නියෝජිතයන් හාරසියයකට අධික පිරිසක් සහභාගි විය. 2017 – 2018 හිදී CIMC (දකුණු ආසියානු සාගරික හා ලොජිස්ටික් ෆෝරම්) විසින් බංග්ලාදේශයේ, ඉන්දියාවේ හා ඩකාහි ජාත්‍යන්තර සමුළු දෙකක් සංවිධානය කෙරිණි.

අන්තර්ජාතික ලොජිස්ටික් සමුළුව සඳහා නිල මාධ්‍ය සහකරු ඉන්දියාවේ Maritime Gateway ය. ලංකාවේ වරාය හා නව වරාය නගරය පිළිබඳව අවබෝධයක් ලබාදීමටත්, සැපයුම්කරුවන් හා ආයෝජකයන් සම්බන්ධ වන සමාගම් සඳහා ජාලකරණය සහ නව ව්‍යාපාර සංවර්ධනය සඳහා අවස්ථාවක් ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබීම විශේෂ වේ.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ වඩාත් මධ්‍යගතව පිහිටා ඇති දිවයිනකි. නැව් දොළහක් පමණ එකවර නැව්ගත කළ හැකිය. දකුණු ආසියාවේ සිට දකුණු අප්‍රිකාවට සම්බන්ධ වන කෙටිකාලීන මුහුදු ගමන්වලදී අනෙකුත් මහාද්වීප හා වෙළෙඳපොළ සම්බන්ධ කරයි. දකුණු ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි මිලියන දෙකකට ආසන්න ජනගහනයක් වර්ධනය වන ප්‍රාදේශීය ජනගහනයක් සහිතව ආහාර සැපයීමේ හා ප්‍රවාහනය කිරීමේ විශාලතම සහ ගැඹුරුතම වරායන් වෙත සම්බන්ධ කළ හැකිය. උසස්ම තාක්ෂණයෙන් යුතු ලොව ප්‍රථම කන්ටේනර් වරාය තිහ අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇත.

මුහුදු මාර්ග ඔස්සේ වෙළෙඳාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් වැදගත් වෙයි. වරාය හා නාවික ක්ෂේත්‍රය රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ප්‍රධාන අංගයක් බවට පත්වී ඇත. ප්‍රධානතම වෙළෙඳ වරාය ලෙස කොළඹ වරාය වැදගත් වේ. ඊට අමතරව හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, ඔලුවිල් හා කන්කසන්තුරය වරායන්ද මීට දායක වී ඇත. ගෝලීය සැපයුම් ක්‍රියාදාමය තුළින් ගෝලීය වෙළෙඳ පොළ වෙත සම්බන්ධ කිරීමටද දායක වී ඇත. ලෝක නාවික කවුන්සලයේ ශ්‍රේණිගත කිරීමට අනුව 2015 වර්ෂයේ හොඳම වරාය 50 අතරින් බහලුම් මෙහෙයවීම සම්බන්ධයෙන් කොළඹ වරාය 33 වන ස්ථානය හිමිකරගෙන සිටියේය. ඇල්ෆා ලිනියර් ශ්‍රේණිගත කිරීම අනුව කොළඹ වරාය එම වර්ෂයේදී 26 වන ස්ථානය හිමිකරගෙන ඇත.

ඉන්දියානු උපමහාද්වීපය මධ්‍යයේ පිහිටීම නිසා ආසියානු කලාපයේ ප්‍රධානතම භාණ්ඩ මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්වීමේ හැකියාව පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ගමනාන්තය වන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. දෙවැනි ගමනාන්තය එක්සත් රාජධානිය වේ. ඉන්දියාව තෙවැනි අපනයන ගමනාන්තය බවට පත්වී ඇත.

2017 වසරේදී සමස්ත අපනයනයෙන් 25.6% ක් ද, 2018 වසරේදී 25.9% දායකත්වයක් අමෙරිකාවට හිමි වේ. මේ අනුව මෙරට අපනයනයෙන් 29% දායකත්වයක් යුරෝපා සංගමයට හිමි වෙයි. දළ වශයෙන් එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් දස ලක්ෂ 3300 ක් පමණ වේ. මහ බැංකු වාර්තාවට අනුව 2018 වසරේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් දස ලක්ෂ 11980 කි. මේ අනුව ශ්‍රී ලංකා අපනයන ආදායමේ වර්ධනීය මට්ටමක් දැකගත හැකිය. 2017 වර්ෂයේදී (ජනවාරි – ජුනි මාස අතර) කොළඹ වරාය ප්‍රති අපනයනය කළ බහලුම් ගණන ලක්ෂ 22.8 කි. 2018 ජනවාරි – ජූනි අතර කාලය තුළ ලක්ෂ 27.3 ක් දක්වා ඉහළ නැග තිබේ. බහලුම් ප්‍රති අපනයනයේ 20% ක ප්‍රගතියක් එම මාස 06 තුළදී පෙන්නුම් කරයි. 2017 ජනවාරි මාසයේ කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් ගණන 362,451 ක් විය. එය 2018 ජනවාරි මාසයේදී 436,303 ක් දක්වා වැඩි වී තිබේ. ඒ අනුව කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් ධාරිතාව 2017 ජනවාරි මාසයේදී බහලුම් 156,010 ක් කොළඹ වරාය මෙහෙයවා ඇත. එම ප්‍රමාණය 2018 හි 194,688 දක්වා ඉහළ ගොස් තිබේ. කොළඹ වරායට පසුගිය මාස හයෙහි බහලුම් මෙහෙයුම් ප්‍රවර්ධනය අතින් ලොව ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට හැකිවිය.

තොග බහලුම් භාණ්ඩ, ජාත්‍යන්තර ආයෝජන සඳහා අවම පිරිවැය සහිතව, ප්‍රාග්ධන සංචිත සඳහා රට විවෘත කිරීමේ වාණිජ කේන්ද්‍රය හරහා ශ්‍රී ලංකාව ඉතාම නම්‍යශීලි සහ ආයෝජක හිතකර පරිසරයක් තිබීම වාසිසහගත තත්ත්වයකි. ඊට අමතරව විවිධ අරමුණු හා සම්බන්ධතාවන් සඳහා විශාල මුහුදු සාගර තුනක් පුළුල් ලෙස සංවර්ධනය කර තිබීම සුවිශේෂී වේ.

ප්‍රතිපත්ති වෙනස් නොවීමේ දුර්වලතාවය මේ ක්ෂේත්‍රය ගැටලු හා අභියෝග රැසකට මුහුණදීමට සිදුවී ඇත. එහිදී, වරාය හා නාවික කටයුතුවලට අදාළව මෙහෙයුම් ගාස්තු අවම කිරීම හා තරගකාරී මිල ගණන් සහතික කිරීම. නාවික භාණ්ඩ සඳහා වන වැඩිවෙමින් පවතින ඉල්ලුමට සරිලන පරිදි විශාල නෞකා වරාය වෙත ගෙන්වා ගැනීමට අවශ්‍ය වරාය ධාරිතාව පුළුල් කිරීම.

වරාය හා ආශ්‍රිත ප්‍රදේශ දුම්රිය, අධිවේගී මාර්ග හා මහා මාර්ග, වෙරළාසන්න හා අභ්‍යන්තර ජල ප්‍රවාහන මාර්ග ඔස්සේ රට අභ්‍යන්තර ප්‍රදේශ හා සම්බන්ධ කිරීම. නැව් භාණ්ඩ පැටවීම හා බෑමට ගතවන කාලය අඩු කිරීමෙන් හා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීම තුළින් වරාය මෙහෙයුම් කටයුතු වඩාත් ඵලදායි තත්ත්වයකට පත්කිරීම. භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීමේදී එම භාණ්ඩ සඳහා අගයක් එකතු කිරීම. වරාය හා නාවික ක්ෂේත්‍රයන්හි නියුතු කාර්මික ප්‍රවීණයන් හා වෘත්තිකයන්ගේ හැකියා ධාරිතාවන් දියුණු කිරීම හා පුළුල් කිරීම. වරාය හා නාවික මෙහෙයුම්හි සුරක්ෂිත බව තහවුරු කිරීම. පෞද්ගලික අංශයේ මූල්‍ය දායකත්වය සඳහා අවස්ථාවන් ඇතිකිරීම. රාජ්‍ය ආයෝජන වැඩසටහන 2017 – 2020 වරාය හා නාවික කටයුතුවලට අදාළව රැකියා අවස්ථා ඇති කිරීම. වැඩිවන නැව් භාණ්ඩ මෙහෙයවීමට සරිලන පරිදි වරාය පර්යන්තවල ඵලදායිතාව වැඩි කිරීම. ගොඩබිම් වරාය පහසුකම් ඇති කිරීම තුළින් වරාය කාර්යක්ෂමතාවය වැඩි කිරීම. වරාය හා නාවික කටයුතුවල ආරක්ෂාව තහවුරු කිරීම. පරිසරයට වන හානිය අවම කිරීමට හා වරාය තරගකාරිත්වය වැඩිවන පරිදි හරිත වරාය ලෙස මෙහෙයුම් කටයුතු සිදුකිරීම. ප්‍රතිපත්තිමය මඟපෙන්වීම් යටතේ පහත කරුණු කෙරෙහි අවධානය යොමුකර ඇත.

ශ්‍රී ලංකාව වරාය හා නාවික කටයුතු සඳහා වඩාත් තරගකාරී හා යෝග්‍ය ගමනාන්තයක් බවට පත්කිරීම. ප්‍රධාන උපාය මාර්ග ලෙස පූර්ව ක්‍රියාකාරී ව්‍යාපාරික උපායමාර්ගික සැලැස්ම වැඩි දියුණු කිරීම තුළින් වරාය තරගකාරී ස්ථානය පුළුල් කිරීම. වෙළෙඳ හා සංචාරක උප ක්ෂේත්‍රයන්ගේ වෙනස් වන අවශ්‍යතා සඳහා ඉඩකඩ පහසුකම් සැපයීම උදෙසා වරාය විවිධාංගීකරණයට ලක්කිරීම. වරාය යටිතල පහසුකම් සංවර්ධනය හා මෙහෙයුම් කටයුතු සඳහා විදේශීය සෘජු ආයෝජන හා පෞද්ගලික අංශයේ දායකත්වය දිරිගැන්වීම. ප්‍රතිනැව්ගත කිරීම හා භාණ්ඩ සඳහා අගය එකතු කිරීමට දිරිගැන්වීම. නාවික තාක්ෂණයෙන් යුතු උපකරණ සැපයීම හා තාක්ෂණික ප්‍රවීණතාවය වැඩිදියුණු කිරීම.

ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති හරහා මෙරට වරාය හා නාවික ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට අවධානය යොමු කර ඇති බව පැහැදිලිය. 2019 වර්ෂය තුළ නැගෙනහිර බහලුම් පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිමවීමත් සමඟ බහලුම් මෙහෙයුම් විඩිහේ සම ඒකක මිලියන 1.6 කින් පමණ මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීමට අපේක්ෂිතය. –

– Shippers Academy හි සභාපති රොහාන් මාසකෝරාල