බැදුම්කර වංචාවේ චූදිතයින්ට නඩු පවරයි

මහ බැංකු බැදුම්කර වංචාවේ චූදිතයින් වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන ඇලෝසියස් හා ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර නඩු පවරනු ලැබුවා.

ඒ අනුව විත්තිකරුවන්ට ලබන මස 19 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙසයි නියෝග කෙරුණේ.

2015 ජනවාරි 27 වැනි දා බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන දස දහස් පනස් අටක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23ක් ඔවුන්ට එරෙහිව එල්ලවී තිඛෙනවා.

රුපියල් බිලියන 10.08 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමට අදාළව පොදු දේපොළ පනතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රජයට රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා අර්ජුන් මහේන්ද්‍රන්ට හා මහ බැංකුවේ හිටපු නියොජ්‍ය අධිපති පී. සමරසිරි යන අයට එල්ලකර තිඛෙනවා.