බදුල්ලේ නායකකමින් පොහොට්ටුව වෙල්ගම කපයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඉවත් කරමින් ඒ වෙනුවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා පත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය හා එම පෙරමුණේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් තීරණය කර තිඛෙනවා.

වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදුජන පෙරමුණට එරෙහි අදහස් පලකිරීම් සිදුකිරීම් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් සිදුකළ විවේචන පදනම් කර ගනිමින් මෙම පියවර ගෙන තිබුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කුමාර වෙල්ගම මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රථම බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත් කරනු ලැබුවා.