කොස්තාපල්ට පහරදුන් නාරම්මල උප සභාපති රිමාන්ඩ්

නාරම්මල පොලීසියේ කොස්තාපල්වරයකුට බීමතින් පැමිණ පහරදීමක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින නාරම්මල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා  ලබන 03 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ  කුළියාපිටිය මහේස්ත්‍රාත් කැළුම් හෙට්ටිගමගේ මහතා හමවුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පහරදීමට ලක් වූ පොලිස් නිලධාරියා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රථ වාහන අනතුරක් සම්බන්ධයෙන් නිසි ලෙස රාජකාරි නොකල බවට චෝදනා කරමින් පොලිස් ස්ථානය වෙත පැමිණ ඇති උපසභාපතිවරයා එම අවස්ථාවේ සේවයේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරයාට පහරදීම සිදු කර ඇති බව සඳහන්. එම අවස්ථාවේදීම පොලිස් නිලධාරීන් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන කුලියාපිටිය වැඩබලන ම‍හේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණා.  උපසභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥන් සදහන් කර ඇත්තේ පොලීසියේ ප්‍රමාදයක් සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේදී අදාළ පොලිස් නිලධාරියා පරුෂ වචනයෙන්  බැනවැදී උපසභාපතිවරයා වෙත පහරදීමක් සිදු කර ඇති බවයි. නීතීඥයන්ගේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් විරෝධය පල කළ පොලීසිය සැකකරුට ඇප ලබාදීමට එරෙහිවුණා.