ට්‍රම්ප් උතුරු කොරියාවට පය තියයි

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු හා දකුණු කොරියා යුධ මුක්ත කලාපය හරහා උතුරු කොරියාවට පැමිණි පලමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්ව තිඛෙනවා.
ඒ සාම කලාපයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවීමෙන් පසු ඔහුගේ ඇරයුමක් මත ට්‍රම්ප් මහතා උතුරු කොරියානු භූමියට පා තැබීම හේතුවෙන්.

එම හමුවෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා දේශසීමාව හරහා දකුණු කොරියානු භුමියට පැමිණි අතර එහිදී ඔහු පිළිගැනීමට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් එක්වුණා.

අමෙරිකානු ජනාධිපතිවරයා දකුණු කොරියාවට පැමිණියේ ජපානයේ ඔසාකා නුවර පැවති ජී – 20 සමුළුව අවසන් කරමිනුයි.

උතුරු කොරියානු නායකයා හමුවීමෙන් අනතුරුව ධවල මන්දිරයේ සංචාරය කරන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාට ආරාධනා කර තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews