ඛෙල්ල කඩාගෙන හරි ජන්දෙ තියනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පල කළ අදහස්.

 ප‍්‍රශ්නය – පළාත් සභා ඡුන්දය ප‍්‍රමාද වීම පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීම, අධිකරණය විසින් සැප්තැම්බර් 09 වැනි දින දක්වා කල් දමා තිබෙනවා. මේ ආකාරයට පෙත්සම් විභාගය කල් දැමීම නිසා, අධිකරණය හමුවට යෑමේ අරමුණ ඉෂ්ට වන්නේ නැහැ නේද?

පිළිතුර – අධිකරණය දින නියම කිරීම පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිට තබා ජනාධිපතිතුමාටවත් බෑ මොකුත් කියන්න. මේ නඩුව පිළිබඳව අපිට උත්තර බඳින්න කියලා තිබෙනවා. අපි උත්තර බැඳීමේදී පැහැදිලිවම පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහන ලබාදීමට අපගේ විරුද්ධත්වයක් නොමැති බවත් ඡුන්දය පැවැත්විය යුතු බවත් ප‍්‍රකාශ කරනවා. අපි හිතනවා. එතකොට (සමහරවිට) ඔය නඩුව විමසන එක කලින් ගන්න පුළුවන් වේවි කියලා. නමුත් අධිකරණය දින නියම කිරීම පිළිබඳව විවාද කිරීමට කිසිවෙකුට හැකියාවක් නෑ. මොකද අධිකරණය උත්තරීතරයි.

ප‍්‍රශ්නය – මීළ`ග නඩු දිනය වන සැප්තැම්බර් 09 වැනි දින මැතිවරණය පැවැත්වීම සඳහා අධිකරණය විසින් නියෝගයක් ලබාදුන්නොත්, ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් තිබෙනවාද?

පිළිතුර – සැප්තැම්බර් 09 කියලා කියන්නේ, ජනාධිපතිවරණයේ කටයුතු ආරම්භ කිරීමට ආසන්න අවස්ථාවක්. එහෙම වුණොත් පළාත් සභා ඡුන්ද විමසීම පැවැත්වීමට සිද්ධ වෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව තමයි.

ප‍්‍රශ්නය – පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්විය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව සිතාමතාම ජනාධිපතිවරණය ඊට පෙර පැවැත්වීමට සූදානම් වන බව පෙනෙන්න තිබෙනවා. පෙත්සම්කරුවන් අධිකරණය හමුවට ගියේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ආකාරයට, ජනාධිපතිවරණයට පෙර පැවැත්වීම සදහා යි, ඒ අනුව බැලූවහම පෙත්සම්කරුවන් අධිකරණය හමුවට යෑමේ අරමුණ ඉෂ්ට වන්නේ නැහැ නේද?

පිළිතුර – ඡුන්ද විමසීම කල් දැමීමට හේතුව අධිකරණය නෙමෙයිනේ. ඡුන්දය කල්යෑම පිළිබඳව අපේ රටේ වැඩි දෙනෙක් ඇ`ගිල්ල දික් කරන්නේ මැතිවරණ කොමිසමට සහ කොමිසමේ සභාපතිට සමහරු කියනවා, ඡුන්දය තියන්න බැරි නම් සභාපති ගෙදර යන්න ඕනෙ කියලා. සභාපතිට ඡුන්දය තියන්න පුළුවන් නම් මේ වෙන කොට ඡුන්දය තියලා අවසන්.

පළාත් පාලන ඡුන්ද විමසීම ප‍්‍රමාද වෙනකොට අපි මොකද කළේ. එම මැතිවරණය 2013 සිට ප‍්‍රමාද වූවා. සීමා නිර්ණය ඊට හේතු වූවා. 2015 දී සීමා නිර්ණ වාර්තාව සමාලෝචනය කිරීමට ගිහින් තවත් පරක්්කු වුණා. එය 2016 මාර්තු වන විට අවසන් කරනවා කිව්වා. නමුත් එම කටයුතු අවසන් වූයේ 2017 වර්ෂයේ අවසන් භාගයේදී. එම අවස්ථාවේදී අපි කිව්වා, 2018 අවසන් වන විට ඡුන්ද විමසීම පැවැත්වීමට නොහැකි නම්, මේක දාලා යනවා හැර වෙන කරන්න දෙයක් නැහැ කියලා. ඒ අවස්ථාවේදී එක් ප‍්‍රකට දේශපාලනඥයෙක් සඳහන් කළා අවුරුදු 3 යි තිබෙන්නේ කොහොමත් 2018 යන්න ඕනෙ කියලා. මම එතුමාට කිව්වා අපිට 2020 නොවැම්බර් වෙනකම් ඉන්න පුළුවන්. නමුත් මෙම ඡුන්ද විමසීම කොහොම හරි තියන්න ඕනී කියලා. 2017 දී ඡුන්ද විමසීම ප‍්‍රමාද කරන්න අධිකරණයට ගියා. තහනම් නියෝගයක් ගත්තා අපට එරෙහිව. ඒ අවස්ථාවේදි පුංචි හිඩැසක් අසු වුණා. එම හිඩැසෙන් රිංගලා පළාත් පාලන ආයතන 93 හා නාමයෝජනා කැඳෙව්වහම සියලූම පළාත් පාලන ආයතන සඳහා ඡුන්ද විමසීම පැවැත්වූවා. ඇත්තටම පළාත් පාලන ඡුන්ද විමසීම දිනා ගත්තේ අපි තමයි. එම පළාත් පාලන ඡුන්ද විමසීම ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ දේශපාලනඥයින් පැවරූ නඩුවේ තීන්දුව ලබා දුන්නේ. අප 2017 දෙසැම්බර් නාම යෝජනා කැඳවීමෙන් පසුව. එම අවස්ථාවේදී අධිකරණය ප‍්‍රකාශ කළා, පළාත් පාලන ඡුන්ද විමසීම නොපැවැත්වීම පිළිබඳව වගකිව යුත්තේ ආණ්ඩුව මිස මැතිවරණ කොමිසම නොවන බව. ආණ්ඩුව මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ද තීරණය කළා.

ප‍්‍රශ්නය – එතකොට පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම පිළිබඳව වගකිව යුත්තේ කවුද?

පිළිතුර – එම ඡුන්ද විමසීම නොපැවැත්වීම පිළිබඳව වගකිව යුත්තේ විධායකය සහ ව්‍යවස්ථාදායකය. ඒ කියන්නේ ආණ්ඩුවේ හා විපක්ෂයේ සියලූම දෙනා, හැබැයි සෙසු දේශපාලනඥයන්ටත්, සිවිල් සංවිධානවලටත්, පුරවැසියන්ටත් මෙයට එරෙහි නොවීම නිසා යම් වගකීමක් පැවරෙනවා.

2017 ඔක්තෝබර් මාසයේ සිට නැගෙනහිර, සබරගමුව, උතුරු මැද යන පළාත් සභාවල මහජන නියෝජිතයන් නෑ. සීමානිර්ණ වාර්තාව දුන්නේ, පෙබරවාරි මාසයේ මැද වෙනකොට. පාර්ලිමේන්තුව එය මාර්තු මාසයේ දී ඉදිරිපත් කළා නම් මාස දෙක තුනක් තුළ සමාලෝචනයකුත් කරලා ගිය අවුරුද්දේ අගෝස්තු මාසය වන විට එම ඡුන්ද විමසීම පවත්වන්න තිබුණා. එම සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප‍්‍රමාද කළේ ආණ්ඩු පක්‍ෂය. අපි ගිය වසරේ අපේ‍්‍ර්ල් මාසයේ සිට පළාත් සභා ඡුන්ද විමසීම පැවැත්වීම සඳහා සටන් කරලා තිබෙනවා. 2017 සැප්තැම්බර් මාසයේදී අපි නීතිමය උපදෙස් ගත්තා පළාත් සභා ඡුන්ද විමසීම පැවැත්වීමට නාමයෝජනා කැඳවීමට අපිට බලය තිබෙනවාද කියන කාරණය පිළිබඳව. ඒත් නව පනතක් ආපු නිසා අපට එහෙව කරන්න බැරි බව තමයි තීරණය වුණේ. එය පස්සේ 2018 පෙබරවාරිවල සීමානිර්ණ වාර්තාව ඉදිරිපත් වූ පසු අපි බලන් හිටියා. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වනතුරු.

අපේ‍්‍රල් මාසයෙන් පසුව අපි ලියුම් 10 කට වඩා ලියලා තිබෙනවා. මෙය කඩිනම් කරන ලෙස. අගෝස්තු මාසයේ දී එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙත් අපේ බලකිරීම නිසා තමයි. නමුත් සමාලෝචන කමිටුව පත් කරලා මාස දෙකක් ගතවීමට පෙර අගමැතිධුරය වෙනස් වූවා. හැබැයි 2018 අගෝස්තු 28 දින සිට ඔක්තෝම්බර් 28 තෙක් මාස 02 ක නිල කාලයක් තිබුණ අගමැතිතුමාගේ සමාලෝචන කමිටුව රැස්වෙලා තියෙන්නේ සැප්තැම්බර් 12 සහසැප්තැම්බර් 20 පමණයි. එම කමිටුව කිසිම සමාලෝචන කාර්යයක් කරපු බවක් පේන්න නෑ. ඒක නිසා දැන් සමාලෝචන වාර්තාවක් නෑ.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඔක්තෝම්බර් 26 අගමැතිධූරයට පත් කිරීමෙන් පසුව පළාත් සභා ඡුන්ද විමසීම පැරණි ක‍්‍රමයට පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩලයට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. නමුත් එම ආණ්ඩුව පැවතියේ දින 52 ක් පමණක් නිසා ඒක හරි ගියේ නෑ.

ඉන් අනතුරුව යළිත් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරයට පත් වූවා. ඒත් සමාලෝචන වාර්තාව ගැන මොකුත් නෑ.

අපි ජනවාරි මාසයේ 04 වැනි දින ජනාධිපතිතුමා හමුවූවා. ජනවාරි 08 වන දින අගමැතිතුමා හමුවූවා. අපි එතුමන්ලා දෙදෙනාගෙන්ම ඉල්ලා සිටියා. පළාත් සභා ඡුන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස. ජනාධිපතිතුමා අපට පොරොන්දු වූවා. පැරණි ක‍්‍රමයට ඡුන්ද විමසීම පැවැත්වීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බවට. එතුමා ප‍්‍රකාශ කළ ආකාරයටම කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් කැබිනෙට්ටුව හෝ පාර්ලිමේන්තුව ඒ ගැන මොකුත් කරලා නෑ.

අගමැතිතුමා ප‍්‍රකාශ කළා. දේශපාලන පක්‍ෂ සම`ග සාකච්ඡුා කරලා පැරණි ක‍්‍රමයට එම ඡුන්ද විමසීම අගෝස්තු මාසයේ අවසානයට පෙර පැවැත්වීමට උත්සාහ දරන බව.

ඊට අමතරව අපි අනෙකුත් දේශපාලන පක්‍ෂ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂවල නායකයින් සම`ග සාකච්ඡුා කරමින් ලිපි ලියමින් ඡුන්ද විමසීම ලබා ගැනීම සඳහා ඔවුන් උනන්දු කළා.

ඒ වගේම අපි විමසා සිටියා, අගමැතිතුමා සමාලෝචන වාර්තාව දෙන්නේ නැත්තේ ඇයි කියන එක පිළිබඳව.

විපක්‍ෂය මෙම ඡුන්ද විමසීම පිළිබඳව කල්තැබීමේ විවාදයක් 2019 ජනවාරිවල ඉල්ලා සිටියා. එදා පාර්ලිමේන්තුවේ

ගණපූරණය තබා ගන්න විපක්ෂයට බැරි වුණ නිසා නිසා එම යෝජනාව පිළිබඳව සාකච්ඡුා කිරීමට නොහැකි වූවා. එම නිසා විපක්‍ෂයටත් මෙම ඡුන්ද විමසීම පිළිබඳව උනන්දුවක් නැද්ද කියන සැකය ඇති වෙනවා.

ප‍්‍රශ්නය – එතකොට පළාත් සභා ඡුන්දය පැවැත්වීමට හැකිවන්නේ නැද්ද?

පිළිතුර – අපට මෙම ඡුන්ද විමසීම පැවැත්වීමට අවශ්‍යයි. මොකද මෙම ඡුන්ද විමසීම අපගේ ව්‍යවස්ථාවේ තිබෙනවා. ‘‘දිවයින’’ පුවත්පතේ පවා පළ වී තිබෙනවා පළාත් සභා ඡුන්ද විමසීම නොපවත්වන්නේ කොමිසමේ සභාපතිවරයා බව ඡුන්දය තියන්නේ නැති නම් කොමිසමක් මොකටද කියලා තමයි ඔබලත් අහන්නේ.

ඡුන්ද විමසීම ලබා ගැනීමට අපි මොනවද නොකළේ. අපි පළාත් සභාවල හිටපු සභිකයන්ට, පත්වීමට සිටින අයට, දේශපාලන පක්‍ෂවලට කිව්වා. සීමා නිර්ණය පිළිබඳව සමාලෝචනය වාර්තාවක් නොමැති නිසා අගමැතිවරයාට නඩුවක් පවරා හෝ එය ලබාගන්න කියලා. එසේත් නොමැති නම් පරණ ක‍්‍රමය වලංගුයි කියලා අධිකරණයෙන් තීන්දුවක් ගන්න කියලා අපි කිව්වා.

මෙම කාරණය පිළිබඳව අධිකරණයෙන් මතය විමසන්න පුළුවන්, ජනාධිපතිතුමාට පමණයි. එම නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා, පළාත් සභා ඡුන්ද විමසීම පැවැත්වීම සඳහා වලංගු වන්නේ පැරණි ක‍්‍රමය ද අලූත් ක‍්‍රමය ද යන කාරණය අධිකරණයෙන් විමසන්න කියලා. ඒ වගේම අපි එතුමාගෙන් ඉල්ලා සිටියා එහෙම කරන්න බැරිනම් සීමානිර්ණය වාර්තා පිළිබඳව සමාලෝචන වාර්තාවන් නොමැති නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුල් සීමානිර්ණ වාර්තාව ගැසට් කරන්න කියලා.

නමුත් පුරවැසියන්, දේශපාලනඥයින්, සිවිල් සංවිධාන අධිකරණයට ගියෙත් නෑ. ජනාධිපතිතුමා ගරු අධිකරණයේ මතය විමසුවෙත් නෑ. විපක්‍ෂය මෙම කාරණය පිළිබඳව විමසුවෙත් නෑ. සීමානිර්ණය වාර්තාව ගැසට් කළෙත් නෑ. ආණ්ඩුව පරණ පනත බලාත්මක කළෙත් නෑ. නමුත් ඡුන්දය තියන්න බැරි කොමිසම මොකටද කියලා හැමෝම අහනවා.

එම නිසා තමයි, අපි පසුගිය ජනවාරි 28 ප‍්‍රකාශයක් කළේ මෙම වසරේ නොවැම්බර් මස මැද හෝ දෙසැම්බර් මස අග පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡුන්ද විමසීම පැවැත්වීමේ වාතාවරණය සකස් කර ගැනීමට නොහැකි වුවහොත්, මෙම කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළත්, සභාපති ධුරයේ වගකීම් දැරීම යුතු නැහැ කියන එක. මොකද පළාත් සභා ඡුන්ද විමසීම දිනා ගැනීම සඳහා අපි බොහෝ වෙහෙස වූවා. එහෙම මහන්සිවෙලත් ඡුන්ද විමසීම දිනා ගැනීමට බැරි වෙනවා නම් සභාපති ධුරයේ රැඳී සිටීම යුතු නෑ.

නමුත් සමහරුන් සිතන ආකාරයට එය ඊයේ පෙරේදා හදිසියේ කළ ප‍්‍රකාශයක් නොවෙයි. එහෙම හිතන අය තමයි, මගේ ප‍්‍රකාශය ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමට කළ ප‍්‍රකාශයක් ලෙස දකින්නේ. එය සම්පූර්ණ බොරුවක් බොරු චෝදනාවක්. කවුරු සභාපති ධුරය දැරුවත් ජනාධිපතිවරණයට එය බාධාවක් නොවෙයි. මගේ ඉල්ලා අස්වීම වෙන අයකු පත් කිරීමට පුළුවන්. අපි බෙල්ල කඩාගෙන හරි නිදහස් හා සාධාරණ ඡුන්ද විමසීම පවත්වා ජනතාවගේ අභිලාෂය ප‍්‍රකාශ වන පරිදි ජනාධිපතිවරයකු හෝ වරියක පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරණය නොවැම්බර් 15 න් පසු දෙසැම්බර් 07 වැනි දාට පෙර තබන එක තබනවා මයි. ඒක වළක්වන්න කාටවත් බෑ.

ප‍්‍රශ්නය – කවුරු මොනවා කිව්වත් පැහැදිලිවම පළාත් සභා මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට නොහැකි වීමට හේතුව තමයි ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් මැතිවරණ භීතිකාවකින් පෙළීම. එම පසුබිම තුළ ඔබතුමා මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත්වීම වාසිදායක වන්නේ මැතිවරණ නොපවත්වන එම දේශපාලනඥයන්ට පමණයි.

පිළිතුර – ඔබ දන්නවා අපි හැදුණු වැඩුණු පළාතේ හැටියට අපි කියපු දෙයක් කරන්න බැඳී සිටිනවා. මැතිවරණ කොමිසමේ මට තනතුරු දෙකක් තිබෙනවා. එකක් සභාපති ධුරය, අනික සාමාජිකකම. ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡුන්ද විමසීම පැවැත්වීමට නොහැකි වුවහොත් සභාපති ධුරයේ වගකීම්වලින් නිදහස් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. යළිත් සභාපතිවරයකු පත්කරන තුරු මෙම කොමිසමේ කටයුතු අරාජිකවීමට ඉඩ නොදී සභාපති ධුරයේ වගකීම් අඛණ්ඩව ඉටු කරනවා. අලූත් සභාපතිවරයකු පත් කළ පසු ඔහුට වැඩ බාර දෙනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකයකුම තමයි සභාපති ධුරයට පත් කළ යුත්තේ.

ප‍්‍රශ්නය – හදිසි නීතිය යොදාගෙන ජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක් පවතින බවක් වාර්තා වනවා.

පිළිතුර – එහෙම කල්දාන්නේ කොහොමද? හැබැයි ලංකාවේ මිනිස්සු නම් එහෙම තමයි. 1982 දී මහ ඡුන්දයක් එපා කියලා ඡුන්දේ දුන්නු පුද්ගලයන් ලංකාවේ ඉන්නවා.

එහෙත් ජනාධිපතිවරණය කල්දැමීම සඳහා මොන උප්පරවැට්ටියක් දැම්මත් මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය තියෙනවා. අපි අධිකරණය හමුවට වුණත් යනවා. ඒ වගේම ගත හැකි උපරිම කි‍්‍රයාමාර්ග ගන්නවා.

ප‍්‍රශ්නය – අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වැනි දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. එමනිසා ජනාධිපතිවරණය දෙසැම්බර් මාසයේ නොපවත්වා නොවැම්බර් මාසයේ පැවැත්වීමට සිද්ධ වෙනවා නේද?

පිළිතුර – විභාග පවත්වන අවස්ථාවේදී මේ රටේ ඡුන්ද පවත්වා නැද්ද? ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පළමුවෙන්ම ගෙන්වා ගත්තේ අපි. උසස් පෙළ විභාගයේ කාලසටහනත් අපි ගෙන්වා ගත්තා. නමුත් දැන් සමහර පුද්ගලයන් විභාග පැවැත්වෙන දින වකවානු තමන් සොයා ගත්තා වගේ කතා කරනවා.

අපි දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවන ලෙස ඡුන්දය පැවැත්වීමට කටයුතු කරනවා. අවශ්‍ය නම් විභාග දින වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. අපි‍්‍රයෙල් 21 වැනිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය නිසා පාසල් සති ගණනක් වසා තිබුණා. ඉතින් විභාග දින කල්දාන්නත් බැරි නැහැනේ. නමුත් අපි දරුවන්ගේ අධ්‍යාපනයට මුල් තැන දෙනවා.

කෙසේ වුවත් නොවැම්බර් 15 ට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට අපට බෑ. නමුත් ගරු ජනාධිපතිතුමාට නම් පුළුවන්. එතුමාට පුළුවන් තමන් යළිත් මැතිවරණයට තරග කරන බව පවසා එම ජනාධිපතිවරණය කැඳවීමට.

ප‍්‍රශ්නය – නොවැම්බර් 15 ට පසු පවතින නීතිමය පසුබිම තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට සිද්ධ වෙනවා නම් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කවදාද?

පිළිතුර – අපි සිතනවා අවශ්‍ය නීතිමය පසුබිම සැකසිලා එම පළාත් සභා ඡුන්ද විමසීම සැප්තැම්බර් 30 වනදාට පෙර පැවැත්වීමට හැකිවේවි කියලා. මොකද අපි හැමදෙයක් පිළිබඳවම සුභවාදීව කටයුතු කරනවා. අපි එහෙම කටයුතු කරන්නේ ලංකාව යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස සලකන නිසා.

ප‍්‍රශ්නය – පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවස්ථාව උදාවුවහොත් එය ජනාධිපතිවරණය පැවැත්වීමට බාධාවක් වන්නේ නැද්ද?

පිළිතුර – පළාත් සභා ඡුන්ද විමසීම පැවැත්වීමට අවස්ථාව උදාවුවහොත් ජනාධිපතිවරණය කල් දමාවි කියලා සමහරුන් අස්ථාන බියකින් පසුවනවා. එය වැරදි අදහසක්. යම් කිසි විධියකින් පළාත් සභා ඡුන්ද විමසීම පිළිබඳ තීන්දුව සැප්තැම්බර් මාසයේ ආවොත්, අපට එම ඡුන්ද විමසීම කල් තබා ජනාධිපතිවරණය පැවැත්වීමට පුළුවන්කම තිබෙනවා.

නමුත් අපි පළාත් සභා ඡුන්ද විමසීම වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි? අපි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පෙනී සිටියේ අද ඊයේ නොවෙයි. අපි 2017 පනතක් ගෙනත් එම ඡුන්ද විමසීම් කල් දාපු අවස්ථාවේ සිට එය වැරදි බවත්, එම ඡුන්ද විමසීම කඩිනමින් පැවැත්විය වුතු බවත් ප‍්‍රකාශ කළා.

ඒ වගේම දැන් පළාත් සභා ක‍්‍රමය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. පළාත් සභා එපා නම් එය ව්‍යවස්ථවේ
තබාගන්නේ ඇයි. අපි අහන්නේ පළාත් සභා ඡුන්ද විමසීම පවත්වන්නේ නැතිනම් නිලධාරි පාලනයක් පවත්වා ගෙන යමින් මුදල් වැය කරන්නේ කුමටද? මොකටද ආණ්ඩුකාරතුමන්ලා නිලධාරීන් හරහා පාලනය කරන්්නේ. එස්.සී.සී.එෆ්.ආර්/35/2016 අධිකරණය තීරණය කරලා තියෙනවා මහජන නියෝජිතයන් නැතුව නිලධාරී පාලනය ගෙන යාම වැරදි බව. පළාත් සභා පිහිට වූයේ බලය බෙදිය යුතු බව පවසමින්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එය තිබෙනවා නම් අපිට ඒ වෙනුවෙන් ඡුන්ද විමසීම් පවත්වා මහජන නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පෙනී සිටීමට සිද්ධ වනවා.

ප‍්‍රශ්නය – පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම අධිකරණය හමුවට ගියේ නෑ. එසේ වුවත් මහමැතිවරණයක් එපා කියලා කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා නම් අධිකරණය හමුවට ගියා.

පිළිතුර – මහාචාර්ය හූල් මහතා කියන්නේ මැතිවරණ කොමිෂන් සභාව නෙවෙයි. මහින්ද දේශපි‍්‍රය කියන්නේත් මැතිවරණ කොමිෂන් සභාව නොවෙයි. ජනාධිපති නීතිඥ නලින් අබේසේකර කියන්නෙත් මැතිවරණ කොමිෂන් සභාව නොවෙයි. අපි තිදෙනා පමණක් නොවෙයි, නිලධාරීන් ඇතුළු සියලූ දෙනාට තමයි මැතිවරණ කොමිසම කියල කියන්නේ. අපි සියලූ දෙනා තීරණය කරලා කටයුතු කිරීම සහ තනිව කටයුතු කිරීම කියන්නේ දෙකක් මිස එකක් නොවෙයි.

ප‍්‍රශ්නය – මේ වන විට මැතිවරණ කොමිසම සූදානම් වන්නේ පළාත් සභා ඡුන්ද විමසීම පැවැත්වීමට ද, එසේත් නොමැති නම් ජනාධිපතිවරණය පැවැත්වීමට ද?

පිළිතුර – අපි මැතිවරණ දෙකටම අවශ්‍ය මූලික කටයුතු කරනවා. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු බෙදලා ඒ සඳහා නිලධාරින් අනුයුක්ත කරලත් අවසන්. ඒ ආකාරයටම පළාත් සභාවේ කටයුතු සඳහාත් නිලධාරීන් අනුයුක්ත කොට අවසන්්.

ප‍්‍රශ්නය – ජනාධිපතිවරණය පවත්වන දිනය කවදා ද?

පිළිතුර – නොවැම්බර් 16, නොවැම්බර් 23, නොවැම්බර් 30 සහ දෙසැම්බර් 07 යන සෙනසුරාදා දින තමයි ජනාධිපතිවරණය පැවැත්වීමට වඩාත් සුදුසුු දින වන්නේ. එම දිනවලින් එකක දී ජනාධිපතිවරණය පැවැත්විය හැකියි. එහෙත් කොමිසම කැමති නම් සතියේ දිනයක වුණත් ඡුන්ද විමසීම තියන්න පුළුවන්.

ප‍්‍රශ්නය – ඡුන්ද දායකයන්ට තමන්ට ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා මනාප පුද්ගලයකු නොමැති නම් ඒ බව සටහන් කිරීම සඳහා ජනාධිපතිවරණ ඡුන්ද පති‍්‍රකාවේ වෙනම තීරුවක් වෙන් කරනව ද?

පිළිතුර – මේ කියන ‘‘ඉහත සඳහන් කිසිවකු නොවේ’’ යන්න ඇතුළත් කිරීමට කවුරු හරි පුද්ගලයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිහින් ඒ සඳහා තීන්දුවක් ලබාගතහොත් පමණයි එය කි‍්‍රයාත්මක කිරීමට හැකිවන්නේ. එසේ නොමැති නම් පාර්ලිමේන්තුවෙන් නීතියක් සම්මත විය යුතුයි.

එම ක‍්‍රමය ඡුන්ද අයිතිය පුළුල් කිරීමේ ක‍්‍රමවේදයක් විදියට මේ වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයම පිළිගෙන තිබෙනවා. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියක් තිබෙන සෑම රටකම ‘ඉහත සඳහන් කිසිවෙකු නොවේ’ යනුවෙන් සඳහන් තීරුව ඡුන්ද පති‍්‍රකාවට එක්කර තිබෙනවා. දයානන්ද දිශානායක මහතාගේ කාලයේ සිට අපි ඒ පිළිබඳව සාකච්ජා කළා. එබඳු තීරුවක් ඡුන්ද පති‍්‍රකාවට එක්කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය පුළුල් කිරීමක් ලෙස මැතිවරණ කොමිසම පිළිගන්නවා.

ප‍්‍රශ්නය – මේ දිනවල ඡුන්ද හිමි නාම ලේඛන සකස් කරනවා. ඉදිරි ජනාධිපතිවරණය පවත්වන්නේ එම නාමලේඛනය අනුව ද?

පිළිතුර – 2019 ජනාධිපතිවරණයෙදී එම නාම ලේඛනය යටතේ ඡුන්ද පවත්වන්න බෑ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය එම නාම ලේඛනය යටතේ පැවැත්විය හැකියි.

සාකච්ඡුා කළේ
එරික් ගාමිණී ජිනපි‍්‍රය