පොලිස් නිලධාරියකුට පහරදුන් මන්ත්‍රී පුතා අත්අඩංගුවට

ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකුට පොල්ලකින් පහරදීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිරකුමාර අබේසේකර මහතාගේ පුත්‍රයකු වන ඉෂාන් චතුරංග අබේසේකර පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ සැකකරු හලාවත පොලීසියට භාරවීමෙන් පසුවයි.
පහර කෑමට ලක්වූ කොස්තාපල්වරයා හා සැකකරු අතර බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුකර තිඛෙනවා.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබනවා.