මරණ දඩුවමට එරෙහිව පෙත්සම් 10ක්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිඛෙනවා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මහාචාර්ය සී ගුණරත්න, ආචාර්ය කේ. සේනාරත්න යන පාර්ශ්ව ඇතුළු පාර්ශ්ව 10ක් මගිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.

දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දණ්ඬනය නියමව ඇති සිකරුවන් වෙනුවෙන් මෙම පෙත්සම් ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරී හා අධිකරණ අමාත්‍යවරිය නම්කර තිඛෙනවා.