ආගම නිසා බොලිවුඩය එපා කී නිළියට විවේචන

සිය ආගමට නිගරුවක් වන බව පවසමින් බොලිවුඩ් සිනමාවෙන් ඉවත්වීමට රංගන ශිල්පිනියකවන සයිරා වසීම් ගත් තීරණය පිළිබද ඉන්දියාවේ ප්‍රකට රංගන ශිල්පිනියක වන රවීනා තන්ඩන් විවේචනයක් සිදුකර තිඛෙනවා.
ඩන්ගල් හා සීක්‍රට් සුපර්ස්ටාර් සිනමාපටවල රගපාමින් ජනප්‍රියවූ සයිරා වසීම් පසුගියදා ප්‍රකාශ කළේ තමන් අදහන ඉස්ලාම් දහම හේතුවෙන් බොලිවුඩ් සිනමාව තමන්ට නොගැලපෙන බැවින් ඉන් ඉවත්වන බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් රවීනා තණ්ඩන් පවසන්නේ බොලිවුඩ් සිනමා කර්මාන්තය තුල ආගම් භේදයක් නොමැති බවයි.
ඒ හරහා බොහෝ දේ ළගා කරගත් නවක නිළියක් බොලිවුඩ් සිනමාව කාන්තාවකට නොගැලපෙන ස්ථානයක් ලෙස අදහස් දැක්වීම පිළිබද තමන් එකග නොවන බවයි ඇය පවසන්නේ.
ඒ අනුව නික්මීමට අවශ්‍යනම් එය ගැටළුවක් නොවුණද තමන්ට ලබාදුන් දේ වෙනුවෙන් බොලිවුඩයට කෘතවේදීව නික්ම යන ලෙසයි ඇය ඉල්ලා ඇත්තේ.