මාලිංග වසීම් අක්‍රම් සම කරයි / පසුකිරීමට එක කඩුල්ලයි

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගවලදී පකිස්ථානය බිහිකළ සුපිරි පන්දු යවන්නකු වන වසීම් අක්‍රම් හා සමවීමට සමත්ව සිටිනවා.
ඒ මෙතෙක් ලෝක කුසලාන තරගවලදී කඩුලු 55ක් දවා ගනිමිනුයි.
ඊයේ කොදෙව් පිලේ කඩුලු 3ක් දවාගනිමින් දස්කම් දැක්වූ මාලිංග මේ වන විට ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීන් අතර 3 වන තැන පසුවන්නේ වසීම් අක්‍රම් ද සමගයි.
එහි දෙවන තැන ශ්‍රී ලංකාවේ හිටපු සිපිරි දග පන්දු යවන්නාවන මුත්තයියා මුරලිදරන්ට හිමිව ඇත්තේ කඩුලු 68ක් සමගයි.
මුල්තැන පසුවන්නේ කැන්ගරු දේශයේ ග්ලේන් මැග්‍රාත්.ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 71 ක්.
මෙවර තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයේ එක් කඩුල්ලක් දවාගතහොත් වසීම් අක්‍රම් පසුකර යාමට මාලිංගට හැකියාව පවතිනවා.