නිවාඩු යැවූ පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැරහැරීමේ චෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
හිටපු ආරක්ෂක ලේකම්වරයාට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද දන්වා තිබුණද ඔහු කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි දන්වා තිබුණේ.

මේ අතර අනිවාර්යය නිවාඩු ලබා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තා.
ඒ හිටපු පොලිස්පතිවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.