හෙට දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර හටගත් මතභේදය සමථයකට පත්කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ තමන් මැදිහත්ව ඊට අවශ්‍ය පියවර ගත් බවයි.
මේ අතර හෙට මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 24ක එක්දින වැඩ වර්ජනය අත්හිටුවා තිඛෙනවා.
දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ නීතිමය උපදෙස් මත එම පියවර ගත් බවයි.
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී වැඩ වර්ජනයක නිරත වීම සම්බන්ධයෙන් ඊට සහභාගී වූ සියලු සේවකයින්ගෙන් නිදහසට කරුණු විමසා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඔවුන් ලබාදෙන ප්‍රතිචාර මත ඉදිරි පියවර ගන්නා බවද දෙපාර්තමෙන්තුව සදහන් කළා.