රුසියානු සබ්මැරීනයක් ගිනි ගනී / 14ක් මරුට

රුසියාවේ නාවුක සබ්මැරීනයක් ගිනි ගෙන අනතුරට ලක්වීමෙන් නාවිකයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

කුඩා වර්ගයේ නාවුක සබ්මැරීනයක් වන මෙය රුසියා මුහුදු තීරයේ පර්යේෂණයක යෙදී සිටි අවස්ථාවකයි අනතුරට පත්ව තිබුණේ.මෙම නාවුක සබ්මැරීනය න්‍යෂ්ටික කටයුතු සදහා භාවිත කළ කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයක්. අනතුරෙන් එහි ගමන් ගත් නාවුකයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ කොපමණ පිරිසක් සබ්මැරීනය තුළ ගමන් කළේද යන්න මෙතෙක් හෙළිකර නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි රුසියානු රජය පවසන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews